රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පවත්වා ඇත.
මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන වශයෙන් මුල් වී කටයුතු කර තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින් රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ අනාගත කටයුතු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාව සඳහා පක්ෂ දෙකම නියෝජනය කරමින් තවත් ප්‍රමුඛ පෙළේ දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වී ඇත.


