*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සරසවි සිසුන් පාරට බසී – හයිලෙවල් පාර අවහිර වෙයි – මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක් !

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් තිබෙන බවයි වාර්තා වන්නේ.

විරෝධතාවයේ නිරත සිසුන් පවසන්නේ සාමාන්‍ය ජනතාව, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු පාර්ශ්ව දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

රටපුරා ප්‍රදේශ රැසක මේ වනවිටත් ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ රැසක් පැවැත්වෙන බව වාර්තා වේ. ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ගෝෂණයට සහභාගි වූ පුද්ගලයන්ට එල්ල කළ ප්‍රහාරය ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බවද වාර්තා වේ. එම ස්ථානයේ විරෝධතා පැවැත්වෙනු ඇති බවට පළ වූ වාර්තා මත මෙසේ අතිරේක ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan