*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/01

  1. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම තේ සමාගමක් වන ඩිල්මා තේ හි ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් ප්‍රනාන්දු, තම නිශ්පාදන ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වලින් ඉවත්කර ගන්නා බවට තර්ජනය කරයි – තම සමාගමට අයත් ලංකා තේ සන්නාමවලට වැඩි මුදලක් ගෙවන මෙන් ද, ඒවාට වට්ටම් ඉල්ලා සිටීම නරත කරන මෙන් ද ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තොග වෙළඳසැල්වලින් ඉල්ලා සිටියි – ඕස්ට්‍රේලියානු වෙළඳපොල තුළ තම සමාගම දශකයට වැඩි කාලයක් මුළුල්ලේ පාඩු ලබමින් සිටින බව පෙන්වා දෙයි.
  2. “ණය කලමනාකරණය” සඳහා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් යොදා ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසති – භාණ්ඩාගාර බැඳුම්කර සඳහා “බලකිරීමකින්” තොර “ස්වේච්ඡා දේශීය ණය ප්රශස්තකරණ” මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද පවසති – කිසිඳු දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමක් ක්‍රියාත්මක නොවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් මීට ඉහත අවස්ථාවක පවසා තිබිණි.
  3. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව සය වන දිනයටත් අවප්‍රමාණය වෙයි – 2023 මාර්තු 30 වන දින පැවති රු. 335.41 සිට 2023 මාර්තු 31 වන දින වන විට රු. 336.01 දක්වා රු. 0.60 කින් අවප්‍රමාණය වෙයි – මෙම දින 06 තුළ රුපියල අවප්‍රමාණය වූ ප්‍රතිශතය සියයට 2.25 කි.
  4. 2023 මාර්තු මස පාරිභෝගික මිල ගණන් සියයට 2.5 කින් ඉහළ ගොස් ඇති මුත්, මාස 12 ක උද්ධමනය පෙන්නුම් කරන්නේ මසකට ඉහත පැවති සියයට 50.6 සිට සියයට 50.3 ක් තරම් වූ ඉතා කුඩා පහත වැටීමක් පමණි – යළි පදනම් වූ (re-based) කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ලකුණු 189.5 සිට 190.0 දක්වා ඉහළ ගොස් ඇති අතර, විදුලිය ගාස්තු විශාල වශයෙන් සංශෝධනය වීම මීට හේතුවක් වී ඇති බවට සඳහන් – වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ, 2023 මාර්තු 15 වන දින වන විට මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රු. බිලියන 995 තරම් වූ අතිවිශාල මුදලකි.
  5. පළාත් පාලන මැතිවරණය කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන අපරාධයක් බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි – මෙලෙස මැතිවරණය කල් දැමීම කිසිඳු තත්ත්වයක් යටතේ සාධාරනීකරණය කළ නොහැකි බව ද පවසයි.
  6. මෙරට “ශාස්තෘවරයකු” යැයි කියාගන්නා ජෙරෝම් ප්‍රනාන්දු ඉදිරිපත් කරන ධර්මය ජාතික ක්‍රිස්තියානි එකමුතුව (National Christian Fellowship) හෙලා දකියි – සැකසහිත ශාස්තෘවරුන්, ප්‍රාතිහාර්ය පාන්නේ යැයි කියන්නන්, ඇදහිලි මත ලෙඩ සුව කරන බව කියන්නන්, සහ සමෘද්ධියේ ශුභාරංචිය සඳහා දේශනා කරන්නේ යැයි කියන්නන් අහිංසක බැතිමතුන් සූරාකන බව පවසයි.
  7. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස්ගත වූ කාන්තාවන් මැද පෙරදිග ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල පිහිටි “සුරක්ෂා” ආරක්ෂක නිවාස වෙත ඇතුළත් කර ගැනීම 2023 අප්‍රේල් 01 වන දින සිට අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කරයි.
  8. එකඟ වූ කොන්දේසි අනුව ක්‍රියා නොකිරීම හරහා ශ්‍රී ලංකාව ගතවූ වසරවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 16 වතාවක් වංචා කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ගුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
  9. මෙරට ජනතාවගේ ආහාර පරිභෝජන රටාවන්ට වත්මන් ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපා ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පුහුණු සහ පර්යේෂණ ආයතනය විසින් සිදුකළ අධ්‍යයනයකදී හෙළිවෙයි – කොහිල සඳහා ඇති දේශීය ඉල්ලුම සියයට 45 කින් ඉහළ ගොස් ඇති බවත්, මීට හේතුව තමාට සොයා ගත හැකි ඕනෑම එළවලුවක් පරිභෝජනය කිරීමට ජනතාව නැඹුරු වීම බවත් පෙන්වා දෙයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදුවූයේ යැයි කියන දේශපාලන අතපෙවීම් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන මෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan