ඩිලංකගේ හොඳම දක්ෂතාවයට ලෝක කුසලානයේ පස්වන තැන

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 02, කොළඹ (LNW): පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ලෝකඩ පදක්කම්ලාභී ඩිලංක ඉසුරු කුමාර සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය දැක් වුව ද,තායිලන්තයේ පැවත්වෙන බර ඉසිලීමේ ලෝක කුසලාන තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ ඒ කාණ්ඩයෙන් තරග වැද පස්වන ස්ථානයට පත්වීමෙන් සෑහීමට පත්වීමට සිඳු විය.ඩිලංක පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම වෙනුවෙන් දැක් වූ දක්ෂතාවය වූයේ කිලෝග්‍රෑම් 225 ක මුළු බරක් එසවීමය.එහිදී රන් පදක්කම දිනූ බින් කස්ඩාන් මොහොමඩ් කිලෝ ග්‍රෑම් 249 ක දක්ෂතාවයක් දක්වනු ලැබීය.ඉන්දියාවේ සන්කර් මහාදේව් කිලෝග්‍රෑම් 248 ක බරක් ඔසවමින් දෙවැන්නා විය.

ඩිලංක ලෝක කුසලාන තරගාවලියේ පස්වන තැන දිනීම සඳහා ඔසවන ලද බර ප්‍රමාණය 247 කි.මෙම ඉසව්වල ජයග්‍රාහකයන් වූයේ ද ආසියාතික එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට අයත් නොවන ක්‍රීඩකයෝය.බොහෝ ක්‍රීඩාවලදී ආසියාවේ ඉදිරියෙන් සිටින රටවල් වැඩි ගණනක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නොවන නිසා ආසියානු ක්‍රීඩා මට්ටම පවතින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලට ඉදිරියෙන්ය.ඒ නිසා ශ්‍රී ලංකාව ආසියානු මට්ටමෙන් බර ඉසිලීමේ හැකියාව දියුණු කර ගන්නට උත්සාහ දැරීම වැදගත් බව ලෝක කුසලාන තරගාවලියේදී ද ඩිලාන් ඉසුරු කුමාරගේ දක්ෂතා හරහා පැහැදළි කර ගැනීමට හැකිය.

අප හංසනී ගෝමස් සම්බන්ධයෙන් සටහන් කළ ආකාරයටම ඩිලාන් ද ස්නැච් ක්‍රමයේ දක්ෂතාවයේ දී තරගකරුවන් අතර සිව්වන තැන සිටි අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් තරග වැදීමේදී ඔහුට පිටුපසින් සිටි තායිලන්ත තරගකරු ඩිලංකන අභිබවා ගොස් සිව්වන තැනට පත් විය.ඩිලංක මෙම තරගාවලියට ඉදිරිපත් කිරීමේ තීරණය වැදගත් වන අතර ඔහු එම ඉදිරිපත්වීමේදී පෞද්ගලිකව තමාව තමාට පරදවා පියවරක් ඉදිරියට පැමිණීමද අගය කළ යුතුය.එහෙත් මේ තරගවල ප්‍රතිපල සමඟ මේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් කැඳවා තරගාවලිය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර ඔවුන්ට ජාත්‍යන්තරය ඉදිරියේ ඇති බාධඛ ජය ගැනීමට අවශ්‍යය කාරණා ගැන සාකච්ඡා කර විසඳුම් ලබා දීම පසු විපරමක් ලෙස සිඳුවන්නේ නැති තරම් ය.
ඩිලංක ට මෙම ඉසව්වේ දී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 112 ක් ඔසවන්නට හැකි වූ අතර 115 එසැවීම අසාර්ථක විය.ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට පළමු බර ලෙස 135 සාර්ථක කර ගත්ත ද,දෙවන සහ තෙවන බර ලෙස ඔහු උත්සාහ කළ කිලෝ 142 සහ 144 එසැවීමට නොහැකි විය.මෙහි උපරිම බර දෙකම එසැවීමට ඩිලංකට හැකි විණිනම් මුළු බර 259 ක් වන අතර පළමු,දෙවන සහ තෙවන ස්ථාන තුන ඔසවන ලද බර එකතුව ඊට වැඩි වුව ද,ඩිලංක එවැනි බරක් එසෙව්වේනම් එය විශාල සහ දැඩී අභියෝගයක් ඇති කරන එකක් වනු ඇත.
International Weightlifting Federation ෆේස්බුක් පිටුවට අදාළ පහත සඳහන් සබඳතාවය හරහා ඩිලංකගේ තරගය සම්පූර්ණයෙන් නැරඹීමේ හැකියාව ද ඇත.
https://web.facebook.com/iwfnet/videos/968261747969767

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...