සිරියාවට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයට දඬුවම් කරන බවට ඉරානයේ කමෙනි දිවුරා පොරොන්දු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(01)දිනයේදී සිරියාවේ දමස්කස් හි ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින්ගේ සාමාජිකයින් මරා දැමුණු ඊශ්‍රායල් ප්‍රහාරයට නියත වශයෙන්ම ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කොන්සල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් ඉරාන ජාතිකයින් හත් දෙනෙකු සහ සිරියානු පුරවැසියන් හය දෙනෙකු ඇතුළුව මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කිරීමත් සමඟ මෙම ප්‍රකාශය සිදු කෙරින.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකීම භාරගෙන නොමැති අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ඊශ්‍රයලයට එරෙහිව මැදපෙරදිග පුරා ක්‍රියාත්මක වන ඕනෑම කෙනෙකුට ප්‍රහාරාත්මක වශයෙන් ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය බහුවිධ යුද්ධයක යේදී සිටින බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගාසා යුද්ධය ආරම්භයේ සිටම ආතතිය බුබුලමින් පවතින මැද පෙරදිග තත්වය මෙම ප්‍රහාරය හේතුවෙන් තවත් සංකීර්ණ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...