වත්මන් ආර්ථික අභියෝග සඳහා IMF උපදෙස් ලබා ගන්නා ලෙස AIIB සභාපති පවසයි!

වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්උපදෙස් ලබා ගන්නා ලෙස, ශ්‍රී ලංකාව දිරිමත් කළේය. 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා උපකාරී වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට AIIB ආයතනය සූදානමින් සිටින බව ද එතුමා මෙහිදී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අප්‍රේල් 01 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...