යාපනේදී හිරුණිකාට විරෝධය පෑ ආණ්ඩුවේ අරුන් සිද්ධාර්ථන්ට කාන්තාවන්ගෙන් ගුටි (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) යාපනයේදී පැවති විරෝධතාවක් මැදට පැන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අරූන් සිද්ධාර්ථන්ට එහි සිටි කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

“මවුවරුන්ගේ අරගලය” මැයෙන් සමගි කාන්තා බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන ඊයේ යාපනය නගරයේදී ආරම්භ වූ අතර එම පා ගමන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැමිණීමට නියමිතව ඇත.

ජීවන වියදම ඉහළ යෑම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැමිණි පා ගමන මැදට කඩා වැදුණු අරූන් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් සටන් පාඨ කීමට උත්සාහ කළ අවස්ථාවේදී ගැටුම්කාරී තත්වයක් ඇතිවූ අතර එහි සිටි කාන්තාවන් ඇතුළු පිරිසගෙන් එල්ල වූ ප්‍රහාරය හමුවේ අරුන් සිද්ධාර්ථන් පළා ගියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...