අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?

Date:

හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදීද මධ්‍යම රාත්‍රී 12.00 සිට උදෑසන 06.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පැනවීමටයි රජය කටයුතු කර තිබුණේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ පැවති විශේෂ සකච්ජාවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර අප වෙත වාර්තා වූයේ 03 වැනිදාට ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලෙස එහිදී මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේවෙතත් ඒ මොහොතේ ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...