ඉදිරි උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ඉදිරියේදී සිදුකෙරෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උද්ඝෝෂණ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජය විසින් උදුරා නොගන්නා නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපළවලට හෝ පෞද්ගලික දේපළවලට හානි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම ජනතා ප්‍රශ්න විසඳීම සඳහා රජය වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් කඩාකප්පල්කාරීන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

May be an image of text

RN