පැහැර ගැනුණු සමාජ ක්‍රියාකාරිකයා වෙනුවෙන් සජිත් මෝදර පොලීසියට යයි – සමඟියෙන් නීතිඥ සහයත් ලැබෙයි!(VIDEO)

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැහැර ගැනීමකට ලක් වූ සමාජ ක්‍රියාකාරික තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා වෙනුවෙන් නීතිඥ සහය දීමට මෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (02) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෝදර පොලිස් ස්ථානය වෙත පැමිණියේය.

සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් එම සමාජ ක්‍රියාකාරිකයාව පැහැර ගෙන තිබුණු අතර එම සිවිල් කණ්ඩායම මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් බවද පවසා තිබුණි.

එහෙත් එවැනි සිදුවීමක් සිදු නොවුණු බවට මෝදර පොලීසියේ ස්ථානාධිපතිවරයා මුලදී ප්‍රකාශ කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වුණු සමාජ බලපෑමත් සමඟ එම තරුණයා පොලිස් භාරයේ පසුවන බවට මෝදර පොලීසය විසින් පසුව පිළිගෙන තිබුණි.

ඒ අනුව එම තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සඳහන්.

මෙම අවස්ථාවට එක්ව සිටි සමඟි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන භාෂණයේ නිදහසේ අයිතිය තවත් පනතකින් අහෝසි කිරීමේ හැකියාවක් නැති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...