ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රජයට රුපියල් ලක්ෂ 51ක මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාවක් මත ය.

ඔහු එම තනතුරේ කටයුතු කළ සමයේදී අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඇති ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී තෙවන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස ජාතික තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ද තරුණ සේවා සභාවේ මුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයුතු ලෙස වැයකර ඇති බවත් සඳහන්.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ...