*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ශෝක ජනක සමුගැනීමක් ; අමිලා විමානි …

අමිලා විමානි කියන්නේ අවුරුදු ගානක ඉඳලා මගේ පෝස්ට් වලට ලයික් දාපු මගේ එෆ්.බී. මිතුරියක්.. (නමුත් මට ඇයව මුහුණට මුහුණ හො මම ඇය සමඟ කතා කොට හෝ නැත) දැන් එෆ්.බී. එකේ එහෙ මෙහෙ යනකොට තමා දැක්කේ ඇය ඝාතනය වූ බව සඳහන් පුවත..

ඇගේ මරණය ඝාතනයක් ලෙස සලකා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇය ක්‍රියාකාරීව සිටි දේශපාලන ව්‍යාපාරයේ සිටි ඇය සමඟ සමීප සම්බන්කමක් පවත්වා ඇති පුද්ගලයෙක්..

ගෑනුන්ට අතින් පයින් උත්තර දෙන්නෝ පාදඩ ලුම්පිතයෝ මිස වාමාංශිකයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදීහූ නොවෙති…

දේශපාලන වශයෙන් මොන පිලක හිටියත් මේ දූපතේ පිරිමි හිතන් ඉන්නේ ගෑණු කියන්නේ තමන්ගේ ඕනෑ එපාකම් වලට පිටින් ගියොත් ඕන වෙලාවක තලලා පොඩිකරලා දාන්ට පුළුවන් කැරපොත්තො පළඟැටියො වගේ සත්තු කොටසක් කියලා.. ඒක අපේ ජානවලින්ම ආපු ගතිකයක්.. ප්‍රේමවතී මනම්පේරිලගේයි ඉසිප්‍රියාලගේයි මේවයි ඔක්කොම එකම රවුමක එක එක කෑලි මිසක් ඒවා වෙනයි මේවා වෙනයි කියලා සලකන්ට බෑ.

උඩින් එක එක ජනප්‍රිය වර්ණ තවරගෙන හිටියට මේ දූපතේ ගැහැණුන් දෙස පළල් මානවවාදී දෘෂ්ටියකින් බලන්ට පුළුවන් සහ ගැහැණිය සමානයෙකු ලෙස දකින්න පුළුවන් පිරිමි හිගයි කියන එක මැරෙනකම්ම විමානිට තේරුම් ගන්න බැරි වෙන්න ඇති…

මේ ගැන වැඩිය ලියන එක මේ මඤ්ඤං දූපතේ තේරුමක් නැති වැඩක් නිසා ලිපිය නතර කරමි.. දේශපාලනය කරන නොකරන අනිත් විමානිලා පරෙස්සම් වෙන්ට.. ගැහැණියගේ ශරීරයේ පරම අයිතිය ඇත්තේ ඇය සතුවම බව අපේ වැඩවසම් පිරිමි දන්නෙ නෑ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan