ජයමිණිගේ සිහින උදුරා ගත් විදුලි සැර! දේහය මෙරටට.

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): විදුලි සැර වැදීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී මිය ගිය ජයමිණි සඳමාලි විජේසිංහගේ දේහය මෙරටට රැගෙනවිත් ඇත.

ජයමිණි ජිවිතක්ෂයට පත්වුණේ, වසර ගණනකට පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්ත්වය නිසා සාජා නුවර භූගතව තිබු විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදීම හේතුවෙනුයි.

කළුතර මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය සාජා හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළ බව සඳහන් වේ.

පසුගිය 9 වනදා රත්‍රීයේ ඇය නැවති සිටි නේවාසිකාගාරයේ සිට වෙළෙඳසැලට යාමට පිටත්ව තිබෙන අතර, එහිදි පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විදුලි කාන්දුවීමක් සිදුව තිබු අතර ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි ජයමිණි ගංවතුරට බසිත්ම විදුලි සැර වැදී මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ ජයමිණිගේ දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරුණේ අද උදෑසනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...