චීන-ඇමරිකා ජනපතිවරු දුරකථන සංවාදයක

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකා ජනාධිපති ‍ජෝ බයිඩන් මහතා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.

චීන-ඇමරිකා සබඳතා මෙන්ම දෙපාර්ශ්වයටම පොදු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කර ඇත්තේ දෙරටේ සබඳතා ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බවයි. එය දෙරටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ප්‍රසාදයට ලක්ව ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය හා ඇමරිකාව වැනි විශාල රටවල් සිය සබඳතාවන් අත්නොහැරිය යුතු අතර එකිනෙකාට විරුද්ධ නොවිය යුතු බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කරඇති බව සඳහන්.

එමෙන්ම මෙම වසරේ චීන-ඇමරිකා සබඳතාවට අදාළ මූලධර්ම තුනක් ද චීන ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කර ඇති බව වාර්තා වනවා. චීන ජනාධිපතිවරයා එම දුරකථන සංවාදයේ දී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ තායිවාන ප්‍රශ්නයට කිසිදු අයුරකින් ඇමරිකාවට සම්බන්ධ නොවන ලෙසයි.

එම දුරකථන සංවාදයේ දී අදහස් දැක්වූ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇමරිකා-චීන සබඳතා ලොව වඩාත් වැදගත්ම සබඳතාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඇමරිකාව නව සීතල යුද්ධයක් අපේක්ෂා නොකරන බවයි.

ඇමරිකාව තායිවාන ස්වාධීනත්වයට සහය නොදෙන අතර චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට ද අපේක්ෂා නොකරන බව ද ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. චීන සංවර්ධනයට බාධා කිරීමට ඇමරිකාව අපේක්ෂා නොකරන බවද බ‍යිඩන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...