සිව්දින තරගාවලියේ පෙරමුණ ගාල්ලට – පිතිකරණයේ දී රවිඳු පන්දුවෙන් අකිල

නිශ්මං රණසිංහ අප්‍රේල් 03,කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන සතිය ඇරඹෙන විට ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වී සිටිනවා.ඔවුන් තරග 2 ට සහභාගි වී එක් තරගයක පූර්ණ ජයද,ඉතිරි තරගයේදී පළමු ඉණ්මේ ජය ද ලබාගෙන සිටිනවා.පූර්ණ තරග ජයක් සහ පූර්ණ පරාජයක් සමඟ දෙවන තැන සිටින්නේ දඹුල්ල කණ්ඩායමයි.


මේ වන විට පිතිකරුවන් අතර පළමු තැන සිටින්නේ යාපනය කණ්ඩායම නියෝජනය කරන රවිඳු රශාන්තයි.එහෙත් යාපනය කණ්ඩායම තවම පළමු ඉණිමේ ජයක් හෝ අත් කරගෙන නොමැති අතර පළමු ඉණිමේ සහ පූර්ණ පරාජයක් ලබමින් ලකුණු සටහනේ අවසාන ස්ථානයේ පසුවෙනවා. පන්දු යැවීම අතින් ඉදිරියෙන් සිටින්නේ දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජයයි.ඔහු මේ වන විට කඩුලු 22 ක් දවා ගෙන තිබෙන්නේ ක්‍රීඩා කළ ඉණිම හතරෙන් ඉණිම තුනකදීම කඩුලු 5 ට වඩා දවා ගැනීමේ දක්ෂතාවයක්ද ප්‍රදර්ශනය කරමින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...