රටේ ක්‍රිකට්වලට දක්ෂ හැමෝටම ඉහළට නඟින්න පියගැට පෙළක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 05, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ පැතිවල දක්ෂයන් මතු වෙමින් තිබෙන බව නිතර වාර්තා වේ.එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ යම් ව්‍යාප්තියක් පෙනෙන්නට ඇත.මේ තත්ත්වය අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට පාසල් ක්‍රිකට් සංගමය ද සහය කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිඳු කරගෙන යනු ලබන වැඩ සටහන් හේතුවෙන් ගමේ දක්ෂයන් හඳුනාගැනීමට මෙන්ම ඒ දක්ෂයන්ට වඩා සුරක්ෂිත සහ පෝෂණීය ගුණ සහිත තැනකට මං සැකසෙන අවස්ථා ද දැකිය හැකිය.ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් කුඩා වයස් සීමාවල දක්ෂතා දක්වන ක්‍රීඩකයින් සිය පාසල් කරා වැඩි පහසුකම් ප්‍රදානය කරමින් කැඳවා ගන්නා අවස්ථා දැකිය හැකිය.


තවත් ආකාරයකට එම පාසල් ඇතුළතම දක්වන දක්ෂතා නිසා ශ්‍රී ලංකාව නියෝජනයට පවා සමීප වෙන ආකාරයද දැකිය හැකිය.විශේෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ථමානය ගත් විට කොළඹින් පිට මොණරාගල,මාතලේ වැනි ප්‍රදේශවල ක්‍රීඩිකාවන් පෙරට එමින් පැමිණෙන ආකාරය දැකිය හැකිය.වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත්පත්තු පවා පාසල් අවදියේ ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කරමින් ක්‍රීඩාවට අවතීර්ණ වූ ක්‍රීඩිකාවක් නොවේය.මේ වන විට ඒ තත්ත්වය වෙනස් වෙමින් ලංකාවේ විවිධ පළාත්වල දක්ෂ ක්‍රීඩිකාවන් ලෙදර් බෝල ක්‍රීඩාව සමඟම වැඩෙමින් ඇත.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ආකාරයකින් එම පාසල් ඇසුරේ වැඩෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන ඒමට අවශ්‍යය පහසුකම් සහිත මාර්ගය ඊට සුදුසු පොළවත් සමඟම වර්ධනය කරන්නට අවධානය යොමු කරමින් සිටියි.
මේ සියල්ල ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩාව යම් ආකාරයකින් පැළ වූ තැන්වලින් පල නෙලා ගැනීමට ගත් ක්‍රියා මාර්ග දැකිය හැකිය.එහෙත් මේ වන විට ඕනෑම තැනකින් පැල මතුවන ආකාරයටත් පැල නෙලා ගත හැකි ආකාරයටත් ක්‍රිකට් පෝෂධණය කිරීමේ වැඩ සටහනක් ද ශ්‍රී ලංකා ක්‍රිකට්,පාසල් ක්‍රිකට් හී ආධාර උපකාරය ද ලබා ගෙන සකස් කරමින් ඇත.


“සහජ දක්ෂතාවයන්ගෙන් හෙබි සෑම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කඛ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් අරඹා ඇති “ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් මඟ” යටතේ සැළසුමක් දියත් කර ඇත.දීප ව්‍යාප්ත කුසලතා සෙවීමේ වැඩ සටහනක් හරහා පාසලේ සිට ජාතික නියෝජනය දක්වා විහිදී තිබෙන ආකාරයට සැළසුම් කර ඇති මෙම වැඩ සටහන හරහා ශ්‍රී ලංකාවේ ඇති ගම් 14022 සම්බන්ධයෙන්මත්,ඒ හැම පාසලක් සම්බන්ධයෙන්මත් අවධානය යොමු වී ඇත.
කුසලතා සෙවීමේ ක්‍රියාවලිය වගේම මාධ්‍ය මඟින් විවිධාකාරයෙන් වාර්තාවන තොරුතුරු අදාළ ක්‍රියාවලිය හරහා පරික්ෂාවට ලක් කිරීමත් මේ වැඩ සටහනේ භාරදූරම සුවිශාල කොටස වන්නේය.ඉනික්බිති සළකා බැලීම සිඳුවන්නේ මේ ගම්මාන නියෝජනය වන ප්‍රාදේඔීය ලේකම් කොට්ඨාශ 331 යටතේය.එහිදී අරමුණ ක්‍රිකට් නොවන පාසල් දක්ෂයන් දායක කරගෙන ප්‍රාදේශීය මට්ටමෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මට්ටමෙන්ම කණ්ඩායමක් පවත්වාගෙන යාමය.


ඉනික්බිති පාසල් මට්ටමෙන් කණ්ඩායම් 1000 ක් ක්‍රීඩකයින් 20000 ක් පමණ ආවරණය වන ආකාරයට සැකසීම ද ඔවුන්ගේ වැඩ සටහනේ වැදගත්ම පියවරක්ය.මේ පාසල් අතර තරගාවලිවලින් පසුව ඒ ඒ පාසල් අයත් වන දිස්ත්‍රික් මට්ටමට මේ කණ්ඩායම්වල ව්‍යහුය සකස් කිරීම සිඳුවන්නේය.එසේ සකස් කරන දිස්ත්‍රික් කණ්ඩායම් 39 ක දක්ෂතා සළකා බැලීම සිඳුවීමෙන් අනතුරුව සැකසෙන්නේ පළාත් මට්ටමෙන් සකස්වෙන පළාත් කණ්ඩායම් අටක්ය.එම කණ්ඩායම් අතර තරගාකාරීත්වය මත තව දුරටත් සුපිරි පළාත් ලෙස පළාත් තව දුරටත් කණ්ඩායම් හතරකට සකස් කර නඩත්තු කිරීම ඊළඟ පියවරේදී සංවර්ධන කණ්ඩායමකට සකස් වන්නේය.


සංවර්ධණ කණ්ඩායම නිරන්තරෙයෙන් ජාතික කණ්ඩායමේ අවශ්‍යයතා පියවීම සඳහා නඩත්තු කරගෙන යන අතර මේ සෑම අවස්ථාවකම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාලනය කිරීම සහ පහසුකම් ලබා දීම සිඳුවීම වැදගත් පියවරකි.බැලූ බැල්මට යහපත් වැඩ පිළිවෙලක් වුව ද,ක්‍රියාත්මක කිරීමේ දී පහසු නැත.මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය විමසා ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්දගෙන් විමසා සිටියේ ඒ දුෂ්කරතාවය ජයගැනීමේ අපහසුතාවය හොඳින්ම දැනෙන බැවින්ය.
“අපි උත්සාහ කරනවා අපි යොදවා ඉන්න කුසලතා පරික්ෂා කරන වැඩ සටහනේ පිරිස අතින් ලංකාවෙ හැම අස්සක මුල්ලකම ඉන්න දක්ෂයො හඳුනාගෙන ඔවුන්ට ඒ දක්ෂතාවය සඳහා අවශ්‍යය ඉහළම වටිනාකම දෙන්න පුළුවන් වෙයි කියලා.


පත් කර නිලධාරීන්ට අමතරව වෙනත් මූලාශ්‍ර සළකා බලන්නෙ නැද්ද?
අප ඒ ප්‍රශ්ණය සුජීවගෙන් ඇසුවේම යම් අතපසුවීමකින් දක්ෂයෙක් මඟ හැරෙන්නේනම් ඔහු හෝ ඇය ගැන විමසා බැලීමට ඉඩක් පාදා ගැනීමේ අදහසින්ය.
“මිනිස්සු අතින් සුළුවෙන් හරි අතපසුවීමක් වෙන්න පුළුවන්නෙ නේද?
සුජීව ප්‍රශ්නයට ප්‍රශ්නයක්ම අසා එය වෙනත් ආකාරයකින් ලිහන්නට වූයේය.
“අපි වැඩේ පවරපු අයගේ රාජකාරි වගකීම සහ පෞරුෂය තියාගෙන එහෙම ඔවුන්ගේ ඇස්වලින් මඟ හැරුණ කෙනෙක් ගැන ආරංචියක් ආවොත් අපි ඔහු ගැන හෝ ඇය ගැන අදාළ කණ්ඩායමටම දැණුම් දෙනවා.මේක රටේ ක්‍රිකට් වෙනුවෙන් කරන වැඩක්.ඒ නිසා අපට ලැබෙන හැම ආරංචියක් ගැනම සොයා බලන්න පසුබට වෙන්නෙ නැහැ.ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ආදරේ කරන එහි අභිවෘද්ධිය අපේක්ෂා කරන හැමෝගෙම ආදරණීය දායකත්වය මේකට අපි අපේක්ෂා කරනවා.මේක රටේ වැඩක්.”
සුජීවගේ ලිහිල්ල නිමා වූයේ රටේම ක්‍රිකට් ප්‍රේමීන් මේ වැඩේට ආදරයෙන් ගැට ගැහෙන උත්තරයකින්ය.ඒත් ක්‍රිකට් එදිනෙදා ජීවිතයේ අවශ්‍යයතාවයක් තරමට බැදුණු රටක පුරවැසියන් සියල්ලට ක්‍රිකට් වෙත දිගු කරන චෝදනාවේ ඇඟිළ්ල හකුලා තමන් දෙස යොමු වී තිබෙන ඇඟිළි හතර ගැන කල්පනාවෙන් තමන්ගේ ආසන්නයේම ක්‍රිකට් ගැන අවධානය යොමු කරමින් වැඩ කරන්නට කරන ආරාධානාවක්ය.ක්‍රිකට් දේශපාලකයන්ට ගසන්නට නොදී රටේ ජනතාවට ගසන්නට ඇති ඉඩ ප්‍රයෝජනයට ගැනීම පුරවැසියන්ගේ වගකීමය.


ක්‍රිකට් ප්‍රේමී සැම දුෂ්කර,බාධක එ්මට පිරි ජයග්‍රාහී ඉමකට වැටි ඇති පියගැට පෙළ ප්‍රවේශමෙන් පරිහරණය කිරීම වැදගත්ය.පහසු නැති ගමණකි.එහෙත් දිණුම ඇති මඟකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...