වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂගේ රිට් පෙත්සමේ නියෝගය කල් යයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර සිටින අතර, එම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 09 වනදා දක්වා කල් තැබීය.

අද (05) දින එම නියෝගය අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් විනිසුරුවරයා කියා සිටියේ, එම නියෝගය ලබන අඟහරුවාදා (09) ප්‍රකාශයට පත් කරන බවය.

අදාළ වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් , තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...