කොස්ටාරිකාවේ නව ජනාධිපතිවරයාට, පෙර ලිංගික අතවර චෝදනා

0
207
Rodrigo Chaves gestures to supporters after winning Costa Rica's run-off presidential election against former President Jose Maria Figueres, in San Jose, Costa Rica April 3, 2022. REUTERS/Mayela Lopez

Rodrigo Chaves කොස්ටාරිකාවේ ජනාධිපති මැතිවරණය පහසුවෙන් ජයගෙන ලබන මාසයේ එ රටේ නව නායකයා වීමට නියමිත අතර ඔහු කොස්ටාරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වීමෙන් බොහෝ දෙනා මවිතයට පත් කලේය.

එයට හේතුව වුයේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන ඔහු ඔහු ලෝක බැංකුවේ සේවය කරන සමයේ එල්ල වූ ලිංගික අතවර චෝදනා නිසාවෙනි.ලෝක බැංකුවේ සේවය කරමින් සිටියදී කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර එල්ල කළ බවට චෝදනා ඔහුට එල්ල විය.

ලෝක බැංකුවේ පරිපාලන විනිශ්චය සභාව පසුගිය වසරේ මෙම නඩුව අභ්‍යන්තරව හසුරුවන ආකාරය පිළිබඳව විවේචනය කළේය.කොන්සර්වේටිව් පක්ෂයේ ආර්ථික විද්‍යාඥයෙකු වන රොඩ්‍රිගෝ චාවේස් 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, හිටපු ජනාධිපති ජෝස් ෆිගුරෙස් ෆෙරර්ට හිමි වූයේ 47% කි. මැතිවරණය සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 42% කට වඩා සහභාගී නොවීය.

ඉරිදා සවස්කාලයේ Rodrigo Chaves ජයග්‍රාහී කථාවේදී සඳහන් කලේ විරැකියාව සහ ඉහල යන අයවැය හිඟය වැනි ගැටළු විසඳීමට එකමුතු වන ඉල්ලා සිටියේය.නීතිවිරෝධී මූල්‍ය ව්‍යුහයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත චාවේස්ගේ මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ බලධාරීන් විසින් දැනටත් විමර්ශනය කරමින් පවතී.

OUTBOUNDTODAY SAHAN HEWAGAMAGE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here