පාඩු ලබන ආයතන ගැන තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බවයි.
මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර , උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවය.

සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ , ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන 28ක් පමණක්, මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බවයි .

අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස එම ආයතන පාඩු ලබන බවය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එමෙන්ම මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බව සියළුම පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බවයි .

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...