*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අට වෙනිදාට මොකද කරන්නෙ?

නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): අප්‍රේල් 8 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශයින් වැදගත්ය.නවසීලන්ත සංචාරයෙන් අපේක්ෂාවන් එකක්වත් ඉටු කර ගන්නට නොහැකි වුව ත්,එදිනට පැවත්වෙන විස්සයි විස්ස තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ජය සැනසුම් සුසුමක් ඉතිරි කර ගැනීමට හේතු වෙනවා ඇත.

පළමු තරගයේ ජය අතිශයින් තියුණු එකක් විය.ලකුණ සම වීමෙන් ඉනික්බිති තීරණාත්මක පන්දු ඕවරයේ වැඩි වාසි දිනා ගනිමින් ශ්‍රී ලංකාව එම තරගය ජය ගැනීමට සමත් විය.නමුත් දෙවන තරගයේදි ශ්‍රී ලංකාව වෙතින් ප්‍රදර්ශනය වූයේ බුක් ක්‍රිකට් ආකාරයේ ලකුණු එකතු කිරීමක අවශ්‍යයතාවයකි.විශේෂයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව සතුව සිටින විශාල පහරවල් ප්‍රමාණයක් සහිත ලකුණු ඇති පිතිකරුවෙක් වන කුසල් මෙණ්ඩිස් සියයට සියයක විහ්වාස නැති පන්දුවලට තරගයේ මුල අවදානම් පහරවල්වලට නොයාම වැදගත්ය.පන්දු ඕවර් විස්සම හෝ පිටියේ රැඳෙන්නට කුසල් රැඳෙනවා කියන්නේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට සමීප විය නොහැකි ලකුණු ප්‍රමාණයකට යන බවට ඉඟියක්ය.

පන්දු ඕවර් 6 – 7 ගෙවෙන විට කුසල් අවදානම සියයට 50 ක් රැදි පන්දු වුව සියයට සියයක් විශ්වාසයෙන් පිටියෙන් එළියට තල්ලු කරන්නට සමත්කම් ඇති පිතිකරුවෙක්ය.කුසල් ජනිත් නැවත පැමිණ ඇත්තේ බොහෝ පාඩම් ඉඟෙන බව දකින්නට ලැබෙයි.ඒ තත්ත්වය යහපත්ය.ඉදිරියේදි ඔහු බොහෝ විට එක්දින කණ්ඩායමට ද එකතු වනු ඇත.ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ද කිව හැකි මට්ටමේ වරදක් නැති ක්‍රීඩකයෝය.නමුත් සෙස්සන් ඒ ගැන නැවත නැවත සිතිය යුතුව ඇත.

දෙවන තරගයේ දී චාමිකව එළියෙන් තැබීමට බොහෝ විට පළමු තරගයේ ඔහුගේ අවසාන පන්දු ඕවරය හේතු වන්නට ඇත.නමුත් බොහෝ අවස්ථාවල චාමික අවසන් පන්දු ඕවර් කිහිපයේ තරගය ශ්‍රී ලංකාව පැත්තට නමන්නට සමත්කම් පෑ ක්‍රීඩකයෙක්ය.එසේම පිතිකරුවෙක් ලෙස යම් ආකාරයක විශ්වාසයකින් කටයුතු කිරිමට ඇති සමත්කමද අමතක කළ නොහැකිය.ඒ අඩුව ද මෙම තරගයේදි අඩුම තරමේ තවත් ලකුණු 10 – 12 ක් එකතු නොවිමට බල පෑ බව සිතිය හැකිය.

තෙවන තරගයේදී චාමිකව නැවත කැඳවීම යහපත් වනු ඇත.කසුන් රාජිත කණ්ඩායමේ තබාගෙන එය කල්පනාවෙන් කළ යුතුව ඇත.ඔහු මෑත කාලයේ හොඳ පන්නරයක් ලබා ගෙන විශ්වාසයෙන් කටයුතු කරමින් සිටියි.කුසල් මෙණ්ඩිස් අනිවාර්යෙන් දිගු ඉණිමකට යා යුතුමය.ඔහුට ඔහු ගැන විශ්වාසය තිබීම වැදගත් වුව ඒ විශ්වාසය වාසනාව යැයි සිතාගෙන කටයුතු නොකළ යුතුය.මදක් ඉවසීමෙන් භෞතිකව පොළවේ හැසිරීම සහ පන්දු යවන්නාගේ අපක්‍රමය වඩාත් ගැඹුරෙන් කියවා ගැනීම ඔහුගේ අපේක්ෂාව විය යුතුය.

පන්දු යැවීමේ දී මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන් සියල්ලට වඩා ඉදිරියෙන්ය.ඔහුගේ පන්දු ඕවර් 4 ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට අපහසු ඕවර් බවට පත් වෙද්දී අන් පන්දු යවන්නන් ද එම පීඩනයෙන් පහර දෙන පිතිකරුවාගේ කඩුල්ල දවා ගැනීමට හැකි ආකාරයට පීඩනයම යොමු කළ යුතුය.පන්දු රැකීමේ මට්ටම ද ඉහළින් තබා ගැනීම අත්‍යවශ්‍යය කාරණයකි.විශේෂයෙන් පන්දු රැකීමේදී උඩ පන්දු අත හැරීම මෙන්ම පන්දුවට වේගයෙන් නොපැමිණිම ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් දැකිය හැකි දුර්වලතාවයකි.එම තත්ත්වය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යය සාධකයක් වන අතර එසේ වීමෙන් ප්‍රතිලාභයක් ලෙස දුවද්දී දැවීයාම් සිදුවීමට ඇති ඉඩ මෙන්ම ලකුණු දෙකේ ඒවා අවම වීමේ ප්‍රවනතාවයද නවසීලන්තය දෙසට හැරෙන පීඩනයක් වනු ඇත.

ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමට ඇති ලොකුම බාධාව නවසීලන්තයේ දක්ෂකමට වඩා තමන්ගේම අත් වැරදීම් ය.එය නිවැරදි වන තැන නවසීලන්තය යනු ශ්‍රී ලංකාවට පරාජය කළ හැකි කණ්ඩායමකි.අපි තුන්වන තරගයට සූදානම් විය යුත්තේ ඒ විශ්වාසය තහවුරු කර ගැනීමෙන් ඉනික්බිතිවය.නවසීලන්තයේ ජයග්‍රහණය එවිට වෙනස් කළ හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan