ශ්‍රීලනිපයේ තීන්දු තීරණ රැසක් හෙට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW):කොළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එය කැඳවා ඇති අතර, පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ , ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි.

පොලීසිය පවසන්නේ,පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තවදුරටත් තහනම් වන බවයි.,

අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව වන අතර, ඒ, පක්ෂ කාර්යාලයේ පැවති අත්‍යවශ්‍ය ලේඛණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වේ.

පොලීසිය සඳහන් කළේ , විමර්ශන සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...