මොසැම්බික් මුහුදු තීරයේ බෝට්ටු අනතුරින් 91ක් ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මගීන් 130 දෙනෙකු සමඟින් මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 91 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධීවර යාත්‍රාව නාම්පුලා පළාතේ දූපතක් ආසන්නයේ දී මෙලෙස ගිලීමට ලක්ව ඇති බව සඳහන් වන අතර, ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම මෙම අනතුරට හේතු වී ඇති බව එරට රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත.

විපතට පත්වූවන් අතර කුඩා දරුවන් රැසක් ද සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගැලවුම්කරුවන් විසින් දිවි ගලවා ගත් පස් දෙනෙකු සොයාගෙන ඇති අතර තවත් පිරිසක් සොයමින් සිටි නමුත් අයහපත් මුහුදු තත්ත්වය මෙහෙයුම දුෂ්කර කර ඇති බව පැවසේ.

නෙටෝ සංවිධානය පවසන්නේ, බොහෝ මගීන් කොලරාව පිළිබඳ වැරදි තොරතුරු නිසා ඇති වූ භීතිය නිසා පැන යාමට උත්සාහ කළ බවයි.

එරට රජයේ දත්ත වලට අනුව, ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන දකුණු අප්‍රිකානු රට ඔක්තෝබර් මාසයේ සිට ජලයෙන් බෝවන රෝග වලින් රෝගීන් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 32 ක් වාර්තා කර ඇත.

නාම්පුල යනු දරුණුතම බලපෑමට ලක් වූ කලාපය වන අතර එය සියලුම රෝගීන්ගෙන් තුනෙන් එකක් වන බවද සඳහන් වේ.

බෝට්ටු අනතුරට හේතුව සෙවීමට විමර්ශන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...