මොසැම්බික් මුහුදු තීරයේ බෝට්ටු අනතුරින් 91ක් ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මගීන් 130 දෙනෙකු සමඟින් මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 91 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධීවර යාත්‍රාව නාම්පුලා පළාතේ දූපතක් ආසන්නයේ දී මෙලෙස ගිලීමට ලක්ව ඇති බව සඳහන් වන අතර, ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම මෙම අනතුරට හේතු වී ඇති බව එරට රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත.

විපතට පත්වූවන් අතර කුඩා දරුවන් රැසක් ද සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගැලවුම්කරුවන් විසින් දිවි ගලවා ගත් පස් දෙනෙකු සොයාගෙන ඇති අතර තවත් පිරිසක් සොයමින් සිටි නමුත් අයහපත් මුහුදු තත්ත්වය මෙහෙයුම දුෂ්කර කර ඇති බව පැවසේ.

නෙටෝ සංවිධානය පවසන්නේ, බොහෝ මගීන් කොලරාව පිළිබඳ වැරදි තොරතුරු නිසා ඇති වූ භීතිය නිසා පැන යාමට උත්සාහ කළ බවයි.

එරට රජයේ දත්ත වලට අනුව, ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන දකුණු අප්‍රිකානු රට ඔක්තෝබර් මාසයේ සිට ජලයෙන් බෝවන රෝග වලින් රෝගීන් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 32 ක් වාර්තා කර ඇත.

නාම්පුල යනු දරුණුතම බලපෑමට ලක් වූ කලාපය වන අතර එය සියලුම රෝගීන්ගෙන් තුනෙන් එකක් වන බවද සඳහන් වේ.

බෝට්ටු අනතුරට හේතුව සෙවීමට විමර්ශන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...