*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

දින සියයෙන් වෙනසක් – ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනක පවත්වන්නට එකඟතා? ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල වැඩි කරලා – රනිල්-ගාමිණී සාකච්ඡා – තිස්සගෙන් විරෝධයක් – SLFP අර්බුදය උග්‍රවෙයි

  • දින සියයෙන් වෙනසක්
  • ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනක පවත්වන්නට එකඟතා?
  • ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල වැඩි කරලා
  • රනිල්-ගාමිණී සාකච්ඡා
  • තිස්සගෙන් විරෝධයක්
  • SLFP අර්බුදය උග්‍රවෙයි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය සඳහා තවත් දින සියයකින් පසුව නාමයෝජනා පත්‍ර කැඳවීමේ බලය මැතිවරණ කොමිසම වෙත හිමිවේ.
ඒ අනුව ලබන ජූලි මස 17 වැනිදාට පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමට මැතිවරණ කොමිසමට හැකිය.

මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානු තීරණය කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක විසින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි.

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර මස අග සතියේ හෝ ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට නියමිත අතර ප්‍රචාරක කටයුතු සඳහා දින 28ක් හෝ 35ක කාලයක් හිමිවෙයි. ඒ අනුව ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය තීන්දු වන බව මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට මැතිවරණ කොමිසම ආරම්භ කර ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට අවශ්‍ය කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදී ඇත.

මුලින් පවත්වන මැතිවරණය?

මුලින්ම මහා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පොහොට්ටුවෙන් ඇතිවන බලපෑම දිගින් දිගටම පවතී. ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේදීද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා පැවත්විණි.

එහිදී පොහොට්ටු පාර්ශවයේ තර්කය වුයේ තමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධුරය ලබා දුන් බැවින් මේ අවස්ථාවේ තමන්ගේ ඉල්ලීම අනුව මහා මැතිවරණය පවත්වන ලෙසටය. එහෙත් එහිදී ජනාධිපතිවරයා ඒ සඳහා සලකා බැලීමට කල් ඉල්ලා ඇති බව සඳහන්ය.ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් වැඩි කැමැත්තක් ඇත්තේ මුලින් ජනාධිපතිවරණය පැවැත්වීමටය. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයාගේ පාර්ශවයේද ඇතැමුන් මුලින් මහා මැතිවරණයක් සඳහාද කැමැත්ත පල කර ඇති බව සඳහන්ය.

රනිල් – ගාමිණී විශේෂ සාකච්ඡාවක්

මේ අතර මේ සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම්වරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී රටේ වර්තමාන තත්වය හා රාජ්‍ය සේවයේ සිදුකලයුතු වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ මෙන්ම ජනතා ප්‍රශ්න වලට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපතිවරණය – මහා මැතිවරණය එකම දිනයක පවත්වන්නට යෝජනා

කෙසේ වෙතත් දෙපාර්ශවයටම පිළිගත හැකි යෝජනාවක් මේ වන විට ඉදිරිපත්වී තිබේ. ඒ මහා මැතිවරණය හා ජනාධිපතිවරණය එකම දිනයක පැවැත්වීමටය. එහිදී ඡන්ද පත්‍රිකා දෙකක් ඡන්ද දායකයන් වෙත ලබා දීමට යෝජනාවී තිබේ. ඒ අනුව වියදම පැත්තෙන්ද රටට හොඳය. එක් එක් මැතිවරණයේ ප්‍රතිඵලයෙන් අනෙක් ප්‍රතිඵලයටද බලපෑමක්ද නොමැත.

පක්ෂවලටද ලාභය. කලයුත්තේ එක මැතිවරණ ප්‍රචාරණයකි. එහිදී ස්වොම එකා මෙන් තමතමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළයුතුව තිබේ.මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිසාපතිවරුන් එනම් දිස්ත්‍රික් ලේකම්වරුන් කැමැත්ත පල කර තිබේ. මේ සඳහා මැතිවරණ කොමිසම මුලදී එතරම් කැමැත්තක් නොදැක්වුවද දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කැමැත්ත හමුවේ ඔවුන්ද ඒ සම්බන්ධයෙන් ධනවාදී මතයක සිටින බව පැවසේ.

පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ මැතිවරණ පහක් එක දිනයේ පවත්වන ලදී. එහිදී ඡන්දදායකයාගේ අතට ඡන්ද පත්‍රිකා පහක් ලබාදෙන ලදී. එරට ඡන්දදායක සංඛ්‍යාව මිලියන 204 ක් වුවත් අපේ රටේ මිලියන 16 කට තරමක් වැඩිය. එබැවින් අප වැනි කුඩා රටකට මෙය ඉතාම පහසුය. රට ගැනත් රටේ ආර්ථිකය ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් සිතා මෙවැනිදේ වෙනස් කරන්නට රටේ ජනතාව මෙන්ම ආණ්ඩුවද කටයුතු කල යුතුය.

ජීවන වියදමට විසදුම් නැහැ – ඩොලරය අඩුවෙද්දීත් භාණ්ඩ මිල ඉහලට

මෙවර මැතිවරණ වලදී ප්‍රධානතම අවධානය යොමුවනු ඇත්තේ බඩු මිලට හා ජීවන වියදමටය. ජනතාවට අද ඇති විශාලතම ප්‍රශ්නය ජීවත්වීමය. ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල දිගින්දිගටම වැඩිවේ. මහාපරිමාණ සමාගම් අසීමිත ලෙස ලාභ ලැබීම පාලනය කරන්නට රජය අපොහොසත්වී තිබේ. වහාම මිල පාලනයක් අවශ්‍යව තිබේ.

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වේ.මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතු නිසා බවද ලෝක බැංකුව සඳහන් කරයි.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවේය.

ණය ගෙවීමට කල් ගන්න රනිල් වැඩ අරඹයි

ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ දී පැවසීය.

ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඒ සමඟ අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගියහොත් තරුණ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන බවද සඳහන් කළේය.

නවීන කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව කී ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වෙමිනි.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදී පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් ක⁣ළහ.

බොහෝ ගැටලුවලට ජනාධිපතිවරයා එම අවස්ථවේදීම විසදුම් දුන් අතර අනෙකුත් ගැටලු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ගන්න සජිත් සටනට

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩව හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම මේ වන විට 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

එම පොලි අනුපාත අඩු කර ඇති මොහොතක වැඩිහිටියන්ට අත්වන ඉරණම පිළිබඳ සියලුම දේශපාලනඥයන් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.දූදරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබෙන් මාලිමාවට විවාදයකට ආරාධනා

ආර්ථිකය ජයගන්නා ආකාරය පිළිබඳ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පවත්වන විවාදයට ජාතික ජන බලවේගය විසින් මෙතෙක් දිනය හෝ ස්ථානයක් තහවුරු කර නැති බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ මෙම විවාදය රූපවාහිනි නාළිකාවක පැවැත්වීම මගින් ජනතාවට පහසුවෙන් එය නැරඹිය හැකි බවයි.
ඒ අනුව නාලිකාව හා වේලාව ඉක්මනින් දැනුම් දන ලෙස ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

සමගි ජනබලවේග ආර්ථික කමිටුව සමඟ විවාද කිරීමට ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට ආරාධනා කල නමුත් ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද පැවසූ ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට අනුර දිසානායක මහතා අභියෝග කල නිසා ඔහු ඊට සූදානම් බවද සඳහන් කළේය.නමුත් මේ වනතෙක් ජාතික ජන බලවේගය පාර්ශවයෙන් ඔවුන්ගේ වේලාව සහ නාලිකාව නිශ්චිත ලෙස සඳහන් කර නැති බවද හෙතෙම කියා සිටියේය.

එනිසා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව හෝ පක්ෂ නායකයා විවාදයට එවන්නැයි අභියෝග කර සිටින බවද හෙතෙම තව දුරටත් පැවසීය.

සමගි ජන සන්ධානය එළිදකී

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා එළි දැක්වීය.

සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ ඊට අදාළ ගිවිසුම් ගතවූහ.ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

තිස්සගේ විරෝධය

සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් නිසි පරිදි දැනුවත් කරන්න නොමැති බවයි.

රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක පැවසීය.

පක්ෂය වෙනුවෙන් අපි කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් එකතු කරගැනීම නුවණට හුරු බව පැවසූ මන්ත්‍රීවරයා එසේ එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු යැයිද කීය.එසේ ප්‍රවෙිශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකියැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාලද මීට දින කිහිපයකට පෙර මෙම චෝදනාවම එල්ල කළාය.

එම පක්ෂයේ සංවිධායකවරු සිටියදී සමගි ජන සන්ධානයේ පිරිස් වෙතද ආසන සංවිධායක ධුර පිරිනැමීම සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරු විරෝධය පල කර තිබේ.

චන්ද්‍රිකාට – මෛත්‍රී ගෙන් චෝදනා

ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. ඒ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන එම ධුරයේ කටයුතු කිරීම වළකාලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබා ගත් වාරණ නියෝගය නිසාය.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයෙන්වාරණ නියෝගයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග එකතු කරවීමට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

ඔහු මේ බව පැවසුවේ එම වාරණ නියෝගය ලැබීමෙන් පසු ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතු කිරීමේ ව්‍යාපෘතියේ පිටුපස සිටිමින් සියල්ල මෙහෙය වන්නේ ද චන්ද්‍රිකා කුමාරතුංග බවත් නැවත අධිකරණය හමුවට ගොස් නිවැරදි තත්ත්වය පැහැදිලි කරන බව මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසිය.

වැඩිදුරටත් ඔහු පැවසුවේ සත්‍ය කරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට හා පාක්ෂිකයින්ට පැහැදිලි කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රීලනිප අර්බුදය උග්‍ර අතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන් කර ඇත.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

නිමල් සිරිපාලගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත්එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාට ලිපියක් යවමින් දන්වා තිබේ.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣ හෙයින් එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන් කර ඇත.

ධම්මිකගේ අවුරුදු උත්සව අප්‍රේල් 17-18

ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂක ධුරය ලැබෙන බවට නම් කියවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙහෙය වන වෙල්ලස්සේ යොවුන් බක්මහ උළෙල – අප්‍රේල් 17 දවස පුරා – බිබිල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.මෙහි සංවිධානය: DP Cording IT Campus, සද්ධර්මාලංකාර විද්‍යායතනය, වෑගම මගින් සිදු කෙරේ.

ඔහුගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන තවත් බක්මහ උළෙලක් මහනුවර අකුරණ ශ්‍රී විජිත මහා විහාරය ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙන කොනකලගල, අලවතුගොඩදී අප්‍රේල් 18 වැනිදා පැවැත්වේ.

ධම්මික පෙරේරාගේ DP EDUCATION වැඩපිළිවෙල මේ වන විට රටපුරා ව්‍යාප්තවෙමින් ඇත්තේ රටේ දුප්පත් අහිංසක දුදරුවනට සවියක් වෙමිනි. මේ වන විට එහි අධ්‍යාපනය ලද තරුණ තරුණියන් ලොව රටවල් රැසක විවිධ ව්‍යාපෘති වල සේවය කරති.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan