ගම්පහත් වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

අද (08) පස්වරු 04.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම වෙඩිතැබීම සඳහා පිස්තෝලයක් යොදාගෙන ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...