“Ocean with David Attenborough” නිල් සමුදුර පරයා යන ගමන!

Date:

සටහන – පුලී
අප්‍රේල් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 “Ocean with David Attenborough” සමුදුරේ එකී මෙකී සෑම ඉසව්වක්ම උලුප්පාලමින් නරඹන්නන් විශ්මයජනක ගමනකට රැගෙන යන අපූරු සිනමාංගයක් වනවා නොඅනුමානය. පුදුමාකාරයෙන් පිරුණු, සාගරයට වඩා වැදගත් තැනක් මේ මිහිපිට නොමැති බව පෙන්වීමට මෙම නිර්මාණය මනා රුකුලක් වනු ඇත.

කීර්තිමත් විකාශකයෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු තම ජීවිත කාලය පුරාවට සාගරයේ හරය සොයායෑම මෙමඟින් ඉස්මතු කරයි. කොරල් පර, කෙල්ප් වනාන්තර සහ විවෘත සාගරය ඇතුළත් දර්ශනීය රූප රටාවන්ගෙන්, සාගරයක් මුළු ග්‍රහලෝකයම ස්ථාවරව හා සමෘද්ධිමත්ව තබා ගන්නේ මන්දැයි ඇටන්බරෝ පැහැදිලි කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙය හැදින්විය හැකිය.

මුහුදු පතුළට ගිලී යන මෙම සිනමාකරණය තුළින් මුහුදු ජීවිතයේ ආශ්චර්යය ප්‍රදර්ශනය කරන අතර විනාශකාරී ධීවර ශිල්පීය ක්‍රමවල සිට මහා පරිමාණ කොරල් පර විනාශයන් දක්වා අපගේ සාගරය මුහුණ දෙන අභියෝග කිසිදා නොදුටු ලෙස නිරාවරණය කරයි. එහෙත් මෙහි ගැබ්ව ඇත්තේ සමුදුරේ සුන්දරත්වය ඉස්මතු කිරීමකි.

ඇටන්බරෝ ගේ මෙම නිර්මාණය විශ්මයජනක සිනමා ගමනකට අඩිතාලමක් වන අතර එය අපගේ සාගරයේ නොකියූ කතාව ලෝකයට විස්තරාත්මකව නිරාවරණය කරයි.

කොලින් බට්ෆීල්ඩ්, ටෝබි නව්ලන් සහ කීත් ෂෝලි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ සිල්වර්බැක් ෆිල්ම්ස් සහ ඕපන් ප්ලැනට් ස්ටූඩියෝ විසින් සම-නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ හවුල්කරුවෙකු වීමට මින්ඩරූ පික්චර්ස් ද සමත්කම් ලබා තිබීම විශේෂත්වයකි.

මැයි 8 වනදා ඔහුගේ 99 වන ජන්ම දිනයක් සමඟ එළියට එන මෙම නිර්මාණය ඔබටත් රසවිඳින්නට අවස්තාව උදාවනු ඇත.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...