දිවුලපිටියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගින්නෙන් ඉතිරි වූ සුන්බුන් CEA මගින් ආරක්ෂිතව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:

දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයක හටගත් ගින්න හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ සුන්බුන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් ඊයේ (18) දිනයේ සාකච්ඡාවක් පැවැත්වූ බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශයේ වායුගෝලීය තත්ත්වයට බලපෑමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද අධ්‍යයනය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, බලපෑමට ලක්වූ පවුල් කිහිපයකට ආරක්ෂක උපදෙස් ලබා දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට බලපෑමක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි – ඇමති සමන්ත

ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල ගණන් රුපියල්වලින් සංසන්දනය කිරීමේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 18) දිනයේදී ඌව සහ...

මහින්ද රාජපක්ෂ රටට ඉතුරු කළ පාඩම

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ...