කැච් එකත් එක්ක මැච් එකත් මිස් වෙයි

Date:

කොළඹ (LNW):ගෙවුණු දින දෙකේදි අපගේ විශ්ලේෂණයට නතු වූ අද තරගයට අදාළ කාරණාවන් දෙකකි.ඒඅතර ඊයේ කුම්බ්ලේ භානුක සම්බන්ධයෙන් දැක් වූ අදහස් ද විය.අප තෙවන නවසිලන්ත විස්සයි විස්ස තරගය පාදක කරගෙන ලියූ සටහනට වැදගත් වූයේ ප්‍රධාන වශයෙන්ම කුසල් මෙණ්ඩිස් හොඳ ඉණිමක් ගොඩ නැඟීමේ අවශ්‍යයතාවය ය.එය සාර්ථක වුව ද ඔහු වටා තව හොඳ ඉණිම් කිහිපයක් ගොඩ නැඟීම සිඳු නොවිණ.

එයට හේතු වූයේ පිතිකරුවන්ගේ දුර්වලතාවයකට වඩා නවසීලන්තයේ විශිෂ්ඨ පන්දු රැකීමය.පළමු කඩුල්ලට ලකුණු 76 ක් එක් කිරිමෙන් පසුව ජෙම් නීසම් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුවෙන් පැතුම් නිශ්ශංක දැවී ගියේය.ඉනික්බිතිව තරගාවලිය පුරාම පන්දුව හොඳින් දකිමින් ලකුණු අතරට පිවිස සිටි කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ඇඩම් මිල්නේ ගේ අති විශිෂ්ඨ පන්දු රැකිමක් හමුවේය.ඒ කඩුල්ලට පන්දුව කෙළින්ම එල්ල කර දුවද්දි දවා ගැනීමක් ලෙස ය.ලකුණු අතර සිටි චරිත් අසලංකට ද එම ඉරණමම අත් කර දෙන්නට මාර්ක් චැප්මන් සහ ටොම් ලේතම් හවුලට හැකි විය.
කුසල් මෙණ්ඩිස්ගේ ලකුණු 73 ට එකතු වූ පැතුම් නිශ්ශංකගේ ලකුණු 25,කුසල් ජනිත්ගේ ලකුණු 33 සහ ධනංජය ද සිල්වා ගේ ලකුණු 20 සමඟ ශ්‍රී ලංකා ඉණිම ලකුණු 182 ට ළඟ වූයේ නවසීලන්තය පහසු නොවන ඉලක්කයක තබමින්ය.

අප කුම්බ්ලේ සම්බන්ධ සටහනෙන් කී පරිදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව වෙත ළඟා වීමේ වේගයේදි දැක් වූ දුබලතාවය නිසා නවසීලන්ත පිතිකරුවන්ට එක ලකුණක් දුවමින් එකතු කර ගන්නට ඉඩ ලැබිණ.එසේම පන්දු යවන්නන්ගේ විශ්වාසය බිඳින්නට මෙන්ම පිතිකරුවන්ට උත්තේජනයක් දෙන්නට සමත් අති පහසු උඩ පන්දුවක් ප්‍රමෝද් මධුශාන් තරගය ආරම්භ වි සුළු වේලාවකින් තර්ඩ් මෑන් හී සිට බිම දැම්මේය.එතැන් සිට දෙවන අර්ධ ශතකයටද පැමිණි ටිම් ෂීෆර්ට් හතර අතට සළකන්නට විය.පන්දු 48 න් ආ ලකුණු 88 තරගයේ ඉරණම සම්පූර්ණයෙන් නවසීලන්තය දෙසට හැරෙව්වේය.

නමුත් අවසාන ඕවරයේ දී ලහිරු කුමාර පිට පිට පන්දු තුනකදි දුවද්දී දැවී යාමක්ද ඇතුළුව ලබා ගත් කඩුලු තුන සමඟ නවසීලන්ත ලකුණු පූවරුවට ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු 183 ට තව ලකුණු 3 ක් අවශ්‍යය වූයේ පන්දු තුනකදී ය.ඒ වන විට කඩුලු හයක්ම අහිමිව තිබුණේය.ඕවරයේ සිව්වන පන්දුව නව පිතිකරු මිල්නේ ගේ පිත්තේ නොවැදිණ.නමුත් ඔව්හූ ලකුණු සඳහා පැති මාරු කළහ.කුසල් මෙණ්ඩිස්ට පිතිකරුවාගේ කඩුල්ලට ගත් ඉලක්කය වැරදිණ.නමුත් පන්දු යැවූ ලහිරු කුමාරගේ අත වෙතම ගලා ආ පන්දුව ඔහු එකවර රැක නොගත්තේය.ඒ නිසා පන්දු දෙකට ලකුණු දෙකක් වූ ජයග්‍රාහී ඉලක්කය ඊ ළඟ පන්දුවේදී ඉටු කර ගන්නට රචින් රවීන්ද්‍රට හැකි විය.
නැවතත් කියන්නට ඇත්තේ නවසීලන්තයට ජය ගැනීමට තිබුණු සාධකවලට වඩා ශ්‍රී ලංකාවට පරාජය වන්නට අත්වැරදීම් තිබුණු බවය.ඒ නිසා නිමාව දුටු විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය වූ තරගාවලියක් නොව ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට ජය ගන්නට ඉඩ දුන් තරගාවලියක් ලෙස හැඳින්වීම වැරදි නැත.

තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න – https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-3rd-t20i-1322364/full-scorecard
කුම්බලේගේ කතාව ගැන අපේ සටහන – https://sinhala.lankanewsweb.net/04/07/50314/
තෙවන තරගයට පෙර ලියූ පූර්විකාව – https://sinhala.lankanewsweb.net/04/06/50140/

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...