*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):සියලු සමීක්ෂණ පරදවා තරු අඹරට මෛත්‍රී/අනුර – සජිත් විවාදය මැද රනිල් මැච් එක වින් කරන හැඩ!

කොළඹ LNW:මේ දිනවල දේශපාලන පිට්ටනියේ වැඩිම කතාබහකට ලක්වෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තමන් තොරතුරු දන්නා බවට පසුගියදා මහනුවරදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු තවදුරටත් මෛත්‍රිපාල සිරිසේන ගැන කතාබහක් සිදුනොවන වේදිකාවක් නොමැති ගාණටම ඔහු මේ දිනවල බොහොම උඩින් ඉන්නවා.දේශපාලන පිට්ටනියේ මෙහෙම කෙළින් කටින් ඉන්නවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.

රටේ ජනාධිපතිවරයෙක් සේනාධිනායකවරයෙක් ලෙස කැත නැතුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයකුත් කරපු යක්ෂ පුත්‍රයෙක් විදිහට මේ දිනවල කරගෙන දේවල නම් එකඅතකින් කෙළි කවටකම් ද හිතෙනවා. නමුත් දැන් වැඩේ ටිකක් පහසුත් නැහැ කියල සිරිසේන මහත්තයටත් තේරෙනවා ඇති.

තමන්ට ඕන විදිහට අවධානය ගන්න ගිහිල්ලා බට කැලේට ගිනිතියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දැන් ඒ ගින්නටම මැදි වෙලා වගේද කියලත් නොහිතෙනවා නෙවෙයි. පාස්කු ප්‍රහාරය ගැන අලුතෙන් කතා කරන්න ගිහින් කතෝලික සභාවේ සිටම රටෙම් ජනතාවගෙන්ම පතුරු යන්න අහගත්ත සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැන් තමන්ගේ පක්ෂය ඇතුළෙන්ම බාල්දියක් පෙරළිලා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට පිටින් ගොස් පක්ෂය රනිල්ගේ ඔඩොක්කුවට ගෙන යන්න හදපු ශ්‍රීලනිපය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක්ගේම පක්ෂයේ තනතුරු අහෝසි කර පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිප විධායක සභාව ලෙස තීරණයක් ගත් බවට මෛත්‍රීපාල සිරිසේන මහත්තමයා පැවසුවද ඔවුන් අධුකරණය හමුවට ගොස් එය යළි රිවස් කරගනිද්දී අනිත් පැත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද සිරිසේන මහත්තයට අනිත් පැත්තෙන් ගින්නක් පත්තු කර තිබෙනවා. ඔහුගේ කල් ක්‍රියාවන් ගැන චෝදනා පත්‍රයක් ගොනුකරමින් කොළඹ දිසා අධිකරණයට කුමාරතුංග මහත්මිය පැමිණිලි කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පක්ෂ සභාපතිධූරය අහෝසි කරන ලෙසයි.

ඒ අනුව ලබන 18 වැනිදා දක්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පක්ෂ සභාපතිධුරයත් අත්හිටුවල තියෙන්නේ. මේ අස්සේ පාස්කු ප්‍රහාරය ගැන යළිත් වරක පසුගියදා ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ප්‍රකාශයත් මේ වෙද්දී රහස්‍ය ලේඛනයක් බවට නම් කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බවයි මාළිගාකන්ද මහ‍ෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය පසුගිය (04) වැනිදා ඒ ගැන විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ.

පක්ෂය ඇතුළේ ඇතැමුන් පවසන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අම්බානක පිස්සුවක් කෙළිමින් සිටින බවයි. මෑත කාලීනව ඔහුගේ චර්යා පද්ධතිය විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකුට වුවද සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එවැනි නිගමනයකට පැමිණිය හැකියි. එපමණටම ඔහු කෙළින්නේ පිස්සු බවට නම් බැලූ බැල්මට පෙනෙන දෙයක්. එහෙත් මෙය මෛත්‍රීට පිස්සු කියා බැහැර කළ හැකි දෙයක් නොවේ.

ඔහු මේ පිස්සුවක් නම් කෙළින්නේ ඔහු එය කරන්නේ රටක් සමඟයි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය වැනි ඛේදනීය සිදුවීමක් ඔහුට මෙලෙස වරින් වර සැහැල්ලුවට ගැනීම කළ නොහැක්කක්. සරළව මහජන නියෝජිතයෙක් ලෙස විකාර රූපී ලෙස ඔහුට හැසිරිය නොහැකියි. මෛත්‍රීපාල සිරිසේනගේ මෙම හැසිරීම් පසුපස සැඟවුණු දේශපාලන හස්තයක් ක්‍රියාත්මක ඇති බවට බොහෝදෙනා පූර්ව නිගමනවලට පැමිණෙන්නෙම ඒ නිසා. ඔහුට ඔහුව කොමික් එකක් විය හැකි වුවත් රටක් කොමික් එකක් ලෙස ගත හැකිද යන ප්‍රශ්නය මතු කළ යුතු වෙයි.

කොහොමත් කොකාගේ සුද පෙන්නේ ඉගිලෙද්දී නිසා තව තව ජවුසම් හෙට අනිද්දට නටයි. මොකද දවසින් දවස ලං වෙන්නේ ජාතික මැතිවරණයකට. ජවුසම කොහොම එකක්ද කියල බලල තව තව අය ඇඳුරෝ කැඳවයි.

මේ අතර සතිය උණුසුම් කළ තවත් කාරණයක් වුණේ සජිත්ගේ සහ අනුරගේ විවාදය. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වගේම ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති මාධ්‍ය හමුවකදී අභියෝග ප්‍රධාන වශයෙන් අනුර සජිත් අතර ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක පවත්වෙනේ නම් හොඳ බවයි. කොහොමත් දෙපාර්ශවයම පසුගිය කාලය තුළ වරින් වර කියව ගත්තේ මේ විවාදයක් ගැනයි. විශේෂයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදලි චිත්‍රයක් ගොඩනග ගැනීමට එවැනි වාදයක් වඩා යෝග්‍ය බවටයි තර්ක කරගත්තේ.

කොහොමත් ජාතික මැතිවරණයක අභියස ඊට ඉදිරිපත්වීමට පුල පුලා බලාසිටින සමාජ අපේක්ෂාවක් තිබෙන පාර්ශව එලෙස විවෘත වේදිකාවකට ගොඩවීමම යහපත් දේශපාලන පූර්වාදර්ශයක්. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවලට මෙය පුදුමයක් නොවුණත් ප්‍රතිපත්ති පසෙක තබා මඩ අල්ලිපිටින් එහෙට මෙහෙට විසිකරගන්නා මෙරට දේශපාලන දේහයට ඇත්තටම එය අලුත් අත්දැකීමක්.මෙතනින් එහාට හෝ යහපාලනයක් ගැන නැවුම් බලාපොරොත්තුවක් වෙනුවෙන් එවැනි වේදිකාවක් ගොඩනග ගැනීමට හැකිවනු ඇති බවටයි ඒ ගැන සංවේදී බොහෝදෙනා පවසමින් සිටින්නේ.

සජිත් ප්‍රේමදාසත් සක්වල කරේ තියාගෙන රට වටේ කරක් ගසමින් විප්ලවාදීන්ගේ ගැටවලට අහුවෙන්න එපා කියමින් ගමක් ගමක් ගානේ කියා කියා යන මොහොතේ ඇත්ත වශයෙන්ම මුහුණට මුහුණ ගැටී පවතින ප්‍රශ්න විසඳා ගැනීම නම් ඉතා යෙහෙකි දෙයක්. අනුරටද එම කාරණයම පොදුයි. විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් ජනතාවට බෙදුම් රේඛාව හඳුනාගැනීමට එවැනි විවාදයක් ඇත්ත වශයෙන්ම ඉතා වැදගත්. එදාටත් පරණ බෙරේම ගැහුවොත් නම් ඉතින් සොරිම තමයි.

මේ අතරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් තමන්ගේ වැඩේ අතහැරලා නම් නැහැ. පසුගිය 04 වැනිදා ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහත්තයා කියපු දෙයක් තමයි පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් කියල.

එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් කියා සිටියා.

මේ අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාත් ඒකටම කැපෙන කතාවක් කියල තිබුණා. ඒ තමයි ඔහුට හමුවුණු හෝටල් කළමණාකරුවන් කිහිපදෙනෙක් පවසලා තිබෙනවා ජන්දයක් නැතුව තව අවුරුදු පහක් දහයක් මේ රට රනිල් වික්‍රමසිංහ මහත්තයටම අරන් යන්න බැරිද අහල. මොකද ඔවුන්ට දැන් හොඳ ගෙවීම් එහෙමත් ලැබෙනවා කියල. දැන් ඉතිර වජිර අබේවර්ධන මහත්තය කියනවා දේශපාලන පක්ෂ ගැන ජනතාවට විශ්වාසයක් නැහැ කියල.

කොහොමත් එළඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන්නේ ජාතික නායකයා ලෙසින් බවත් ඔහු පවසනවා. ඒ කියන්නේ UNP එකත් තනි අශ්වයාගෙන් ගහන්න සූදානම් කියන එක. කොහොමත් පොහොට්ටුවේ බහුතරය වගේ දැන් රනිල් ළඟ කියල තමයි කියන්නේ. දැනට ඉන්න කණ්ඩායමත් කැඩෙන්නේ බෙදෙන්නේ නැතුව එකට ගැටගහල අරන් යන්න මහින්ද බැසිල් සෑහෙන්න උත්සහ කරනවා කියල තමයි කියන්නේ. 69 ලක්ෂෙක ජන්දෙකුත් අරන් හිතපු නැති විදිහට පොහොට්ටුව මෙහෙම හෝදලම යයි කියල කවුද හිතුවේ නේද? කල කම් කොහොමත් රිය සක වගේ තමයි. අතහරින්නේ නැහැ.

ඉතින් මේ දේශපාලන අවුල් අස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් හොද මැච් එකක් ගහගනි කියල තමයි පෙනෙන්න නම් තියෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan