*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

ඇත්තටම මතට ඇබ්බැහි වෙනවද?

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): මිනිස් සිරුර තුළ සිදුවන්නේ එක්තරා ක්‍රියා­ව­ලි­යක් බවත්, මොළය හා ස්නායු පද්ධති ආශ්‍රි­ත­වත් තව තවත් රසා­ය­නික 10,000ක් පමණ ඇති බවත්, අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ සභා­පති, නීතිඥ ශාක්‍ය නානා­ය­ක්කාර මහතා පවසයි. අපට දුක, සතුට පාල­නය, මත­ක­යන් ආදී හැඟීම් ඇති­වන විට ඒවායේ ක්‍රියා­කා­රී­ත්වයේ අඩු වැඩි­වීම් වන බවත්, රසා­ය­නික සම­තු­ලි­තතා වෙනස් වන බවද ඒ මහතා පවසයි.

නමුත් මත්ද්‍රවය තුළින් වන්නේ විකෘති තත්ත්ව­යක් බවත්, විකෘති, උන්ම­ත්තක ගති ඒ අනුව ඇති­විය හැකි බවද පවසයි.. සැබැ­වින්ම,  එය සිරු­රට ඉතා හානි­ක­ර බවත්, ස්නායු ක්‍රියා­කා­රී­ත්වය ඉන් අඩ­පණ කරන බවද පෙන්වා දෙයි. සෑම විටම මත්ද්‍රව්‍ය භාවිතය අස­නීප, අඩ­ප­ණ­වීම් මිසෙක මත්ලෝ­ලීන් බලා­පො­රොත්තු වන කිසි දෙයක් ඒ තුළ නැහැ.නොමැති බව අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ සභා­පති, නීතිඥ ශාක්‍ය නානා­ය­ක්කාර මහතා වැඩිදුරටත් කියා සිටී.

ඒ පිළිබඳ සම්මුඛ සාකඡාවකදී දැක්වූ අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත.

ඔබ ආය­ත­නයේ 40 වැනි සංව­ත්ස­ර­යත් එළැ­ඹිලා. දැවෙන ජාතික ගැට­ලු­වක් නිරා­ක­ර­ණ­යයි ඊට පැවරී තියෙන්නේ?

ඔව්. 1984 වර්ෂ­යේ­දීයි මේ රාජ්‍ය ආය­ත­නය  පිහි­ටෙ­වුවේ. මෙරට මත් උව­දුර තුරන් කිරීමේ කර්තව්‍ය අතින් අති­ශය විශාල වැඩ කොට­සක් අන්ත­රා­ය­කර ඖෂධ ජාතික මණ්ඩ­ල­යට පැව­රෙ­නවා. නිවා­ර­ණය, දැනු­ම්වත් කිරීම, ඊට අදාළ ජාතික ප්‍රති­පත්ති සම්පා­ද­න­යේදී සහාය වීමත් අන්ත­ර්ජා­තික වශ­යෙන් මත් උව­දුර මැඬ­ලීමේ නිරත ආය­තන සමඟ  දත්ත හුව­මාරු කර ගැනීම ආදී දේශීය, අන්ත­ර්ජා­තික වශ­යෙන් පැති ගණ­නා­ව­කට ඒ මෙහෙ­වර පැති­රෙ­නවා. එක් එක් සෑම රට­කම අන්ත­රා­ය­කර ඖෂධ ජාතික මණ්ඩ­ලය ස්ථාපි­තයි. ඒ සියල්ල ඊට අදාළ අන්ත­ර්ජා­තික ප්‍රධාන ආය­ත­න­යත් සම­ඟත් සම්බ­න්ධයි. ඒ අනුව ලෝකයේ මතු වන අලුත් මත් ප්‍රව­ණතා පිළි­බඳ ඒ මඟින් රට රට­වල අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩල දැනු­ම්වත් කර­නවා. ඒ සහ සම්බ­න්ධතා ඉතා වැද­ගත්. අනෙක සෑම රට­කම පාහේ මේ ගැට­ලුව තියෙ­නවා. ඒත්, එක් එක් රටට එය බල­පාන විදිය වෙනස්.

 ඒත් අධි­ක­රණ කට­යු­තු­ව­ලදී මෑතක් වන­තු­රුම හඳුනා නොගත් ඒවා විදි­ය­ටනේ සම­හර විෂ මත්ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ?

මුල් කාල­යේදී සම­හර මත්ද්‍රව්‍ය සඳහා නීති තිබු­ණෙත් නැහැ. හැබැයි 2022 වසරේ පටන් නීති  සංශෝ­ධන, විෂ වර්ග අබිං හා අන්ත­රා­ය­කර ඖෂධ පිළි­බඳ පන­තට ඇතු­ළත් කෙරුණා. ඒ අනුව අලු­තෙන් විෂ මත්ද්‍රව්‍ය 500ක් පමණ ඇතුළු කිරී­මත් සමඟ ඒ තත්ත්වය බොහෝ දුරට දැන් මග­හැරී තියෙ­නවා.

තව­දු­ර­ටත් විස්තර කර­නවා නම්, ඈත අතී­තයේ අබිං සමා­ජ­යට  ආ විදිය උදා­හ­ර­ණ­ය­කට ගමුකෝ. ඉන් පසුව හෙරො­යින්, මෝෆීන් ආදී විෂ මත්ද්‍රව්‍ය සමා­ජ­යට එන්න ගත්තානේ. උත්තේ­ජන ආදී විවි­ධා­කා­ර­යෙන් ජාවා­ර­ම්ක­රු­වන් අලු­තෙන් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­න­ය­ටත්, බෙදා­හැ­රී­ම­ටත් පෙල­ඹෙ­නවා. ටොෆි, පැණි බීම ආදී වශ­යෙන් වුණත් මේවා සමා­ජ­ගත කර­න්නට ජාවා­ර­ම්ක­රු­වන් උත්සාහ දැරිය හැකියි.  ඒ වගේම ජාතික හා අන්ත­ර්ජා­තික වශ­යෙන් ඒ  එකි­නෙක මර්ද­නය, නිවා­ර­ණ­යට කට­යුතු කෙරෙ­නවා. එසේම නීති සම්පා­ද­නය කෙරෙ­නවා. රාජ්‍ය ආය­ත­න­යක් වශ­යෙන් ඒ රාජ්‍ය ප්‍රති­පත්ති අනුව අඛ­ණ්ඩව විධි­මත්ව අප ඒ ජාතික මෙහෙ­ව­රෙහි නිර­තව සිටි­නවා.

 හරි, එහෙම නම් කොහො­මද ඔය වැඩේ කරන්නේ?

ප්‍රධාන ක්‍රම දෙක­කින්. ඒ ඉල්ලුම, සැප­යුම පාල­න­යෙන්. ඒ අර­මුණු සාර්ථක කර ගැනී­මට අදා­ළව නීති සම්පා­ද­න­යේදී අපි දත්ත, උප­දෙස් දෙනවා. බෙදා­හැ­රීමේ ජාල අඩ­පණ කිරීම එහිදී ඉතා වැද­ගත්. ඉල්ලු­මක් ඇති­වී­මත් සම­ඟයි සමා­ජ­යට මත්ද්‍රව්‍ය එන්න පුළු­ව­න්කම තියෙන්නේ. ඒ අනුව ඉල්ලුම අඩු­වන තැනට කට­යුතු කිරීම අපේ ඉල­ක්ක­යක්. එතැ­නදී අප මුලින් මත් ජාවා­ර­ම්ක­රු­වන්ගේ අර­මුණු හඳු­නා­ගෙන සිටිය යුතුයි. දුම්වැ­ටියේ සිට සෑම මත්ද්‍ර­ව්‍ය­යක්ම අලෙ­වියේ නිරත සිය­ල්ලන්ම  අලු­තෙන් ජන­තාව ඒවා පාන­යට ඇබ්බැහි කරවා ගැනී­මට උත්සාහ දර­නවා. ඊට විවිධ උපාය යොද­නවා. ඉතින් මේ විෂ ද්‍රව්‍ය­ව­ලට  ඇබ්බැ­හි­වී­මට කලින් ජන­තාව ඒ පිළි­බඳ දැනු­ම්වත් කර ඉන් මුදවා ගැනීම නිවා­ර­ණය වශ­යෙන් ප්‍රධාන වශ­යෙන් හඳු­න්ව­නවා. ඒත් ඒ කාර්යය අපට, පොලි­සි­යට, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට එහෙ­මත් නැති­නම් රාජ්‍ය අංශ­යට තනිව කළ නොහැ­කියි. ප්‍රජා සහ­යෝ­ගි­ත්වය එහිදී අත්‍ය­ව­ශ්‍යයි. අපි ඒ සඳහා දීප­ව්‍යාප්ත දැනු­ම්වත් කිරීම් කර­නවා. ප්‍රජා සංවි­ධාන එතැ­නදී ඉතා වැද­ගත්. අපි පුන­රු­ත්ථා­පන කාර්යයේ නිර­තයි. දිව­යින පුරා මධ්‍ය­ස්ථාන ගණ­නා­ව­කදී ඒ කට­යුතු වෙනු­වෙන් වාර්ෂි­කව විශාල මුද­ලක් රජය වැය කෙරෙ­නවා. මතට ඇබ්බැ­හි­වූ­වන්ට ප්‍රති­කාර කිරී­මේ­දීත් එය එසේ­මයි.

 හැබැයි ඔය විෂ ජාති­ව­ලට ඇබ්බැහි වූ අය නම් නොයෙක් කතා කිය­නවා?

ඒත් එතැන කිසිම සාධා­රණ හේතු­වක් නැහැ. අනෙක අපේක්ෂා කරන කිසිම දෙයක් මත්ද්‍ර­ව්‍ය­ව­ලින් ලැබෙ­න්නේත් නෑ. සම­හරු ප්‍රශ්න අම­තක කරන්න ඔය විෂ බොන­වයි කිය­නවා. හැබැයි ඒ නිසා ගැටලු තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ඇඟට මත්ද්‍ර­ව්‍ය­යක් ඇතුළු කර ගන්නා මුල්ම මොහොතේ ඉඳන්ම සිරුර ඒ අන­වශ්‍ය විෂ රසා­ය­නි­කය ඉවත් කරන්න ගන්නවා. දිගින් දිග­ටම සිරුර ඊට වැඩි වෙර වීර්ය­යක් දර­නවා. සතු­රකු විදි­ය­ටයි විෂ මත්ද්‍රව්‍ය අපේ  සිරු­රෙන් හඳුනා ගන්නේ. හිස කර­කැ­විල්ල, ඔක්කාර ගතිය ආදී  ඉන් ඇඟට දැනෙන බල­පෑම අවම කර ගන්න ඇඟ එතු­ළින්ම පුදු­මා­කාර වෙහෙ­සක් ගන්නේ. ඒත් සම­හරු ළාමක කල්පනා, පෞරුෂ ගැටලු ආදිය නිසා කලක් තිස්සේ මේ විපත අත්කර ගනි­මින්, විනා­ශයේ ඇලී ගැලී සිටි­නවා.

මෙහෙ­මයි, අපේ සිරුර තුළත් එක්තරා ක්‍රියා­ව­ලි­යක්නේ කෙරෙන්නේ. ඒ තුළ කොට­සින් කොටස තුළ වුණත් ඒක එහෙ­ම­මනේ. ඉතින් මොළය හා ස්නායු පද්ධති ආශ්‍රි­ත­වත් තව තවත් රසා­ය­නික 10,000ක් පමණ වෙනවා. අපට දුක, සතුට පාල­නය, මත­ක­යන් ආදී හැඟීම් ඇති­වන විට ඒවායේ ක්‍රියා­කා­රී­ත්වයේ අඩු වැඩි­වීම් වෙනවා. රසා­ය­නික සම­තු­ලි­තතා වෙනස් වෙනවා. ඒ විකෘති තත්ත්ව­යක්. විකෘති, උන්ම­ත්තක ගති ඒ අනුව ඇති­විය හැකියි. සැබැ­වින්ම,  එය සිරු­රට ඉතා හානි­ක­රයි. ස්නායු ක්‍රියා­කා­රී­ත්වය අඩ­පණ කර­නවා. ඇත්තෙන්ම වෙන්නේ ඒ වගේ අස­නීප, අඩ­ප­ණ­වීම්. ඒ මිසෙක මත්ලෝ­ලීන් බලා­පො­රොත්තු වන කිසි දෙයක් ඒ තුළ නැහැ.

  ඒක එහෙම වුණත් සැල­කිය යුතු පිරි­සක් ඒ උගුලේ හිර­වෙලා නේද?

ඔව්. ඒ අය පුන­රු­ත්ථා­ප­නය කිරීම රටක් වශ­යෙන් පැව­රෙන ජාතික වග­කී­මක්. ඒ උදෙ­සාත් අපි උර දෙනවා. ඒක දෙයා­කා­රයි. කායික ප්‍රති­කාර වගේම මාන­සික වශ­යෙ­නුත් ඒ අය නඟා­සි­ටු­වීමේ කාර්යය විය යුතුයි. හැබැයි වෛද්‍ය ප්‍රති­කා­ර­මය වශ­යෙන් 20%ක් තරම් සහා­යක් තමයි ලැබෙන්නේ. ඒ අනුව 80%ක්ම තියෙන්නේ, මතට ඇබ්බැහි වූ අය හිතින් හදා­ගත්ත මන­ස්ගාත. ඒ අය ඒක අද­හන එක නිසා තමයි ඒ පාරා­ව­ළ­ල්ලෙන් ඒ අයට  මිදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ තුළ සතුට ඇතැයි මත්ලෝ­ලීන් විශ්වාස කර­නවා. ඒත් ඒක වැර­දියි. ඒ වග ඒ අයට ඒත්තු ගැන්වු­ණාම ඔවුන්ම මේ මාන­සික ඇබ්බැ­හි­යෙන් මිදෙ­නවා. එහෙම වුණාම අමු­තු­වෙන් ප්‍රති­කාර අවශ්‍ය වෙන්නේත් නැහැ. තව­දු­ර­ටත් පුන­රු­ත්ථා­පන කොම­සා­රිස් ජන­රාල් කාර්යා­ලය ඒ මෙහෙ­වරේ නිර­තව සිටි­නවා.

 මොකක්ද මේ කියලා කුකු­සක් ජන­තාව තුළ තියෙ­නවා?

විවිධ විෂ, උත්තේ­ජන, රසා­ය­නික ආදී විවිධ  ද්‍රව්‍ය 25ක් පමණ ඒ අතින් හඳු­නා­ගෙන තියෙ­නවා. ඒ සම­හ­රක් විවිධ නිෂ්පා­දන සඳහා අඩු වැඩි වශ­යෙන් යොදා ගැනෙ­නවා. ඒ අනුව ඒ ද්‍රව්‍ය ආන­ය­න­යට,  සීමා හා නියා­ම­න­යන්ට යටත්ව ඇතැම් ආය­ත­න­ව­ලට අව­සර තියෙ­නවා. හැබැයි, ඒ ද්‍රව්‍ය කිසි විටෙ­කත් අන්සතු හෝ පිට කිරී­මට අව­සර නැහැ. ඒ පිළි­බඳ විප­රම් කිරීමේ අප ඇතුළු රාජ්‍ය ආය­තන කට­යුතු කර­නවා. එසේම, අප ආය­ත­නය සතු මාදක රසා­ය­නා­ගා­ර­යෙන් වන ජාතික සේවාව ගැනත් කතා කළ යුතු­මයි. ඇත්තෙන්ම, දියුණු තාක්ෂ­ණය යටතේ මත්ද්‍රව්‍ය භාවි­තය, ඇබ්බැ­හිය රුධි­රය, කෙස් ආදිය පරීක්ෂා කිරී­මෙන් වුවත් පුළු­වන්.

විශේ­ෂ­යෙන්ම, මත්කුඩු සාම්පල ආදිය පරීක්ෂා කර බැලී­මේදී ඒවා ජාවා­ර­ම්ක­රු­වන් අධික ලාභ ඉප­යීමේ බලා­පො­රො­ත්තු­වෙන් විවිධ අප­ද්‍රව්‍ය කළ­වම් කර­මින්  විකු­ණන බව පැහැ­දි­ලියි. මත්කුඩු සාම්ප­ල­ව­ලින් 90%ක් පමණ එසේයි. ඒ ද්‍රව්‍ය බීලා තමයි මත් වෙනවා කියලා හුඟ දෙනකු මනස මුළා­ක­ර­ගෙන ඉන්නේ. මත්කුඩු ෂික් එක හැඳුණු අය දකින්න අඩුත් ඒ නිසානේ.

 ඔබ ආය­ත­න­යට මානව සම්පත ප්‍රමා­ණ­වත්ද?

අපි සිටින පිරි­සෙන් උප­රිම කාර්ය­ක්ෂ­ම­තා­වක් ලබ­නවා. පොදුවේ පොලී­සිය, සෞඛ්‍ය අංශ ආදී රාජ්‍ය ආය­තන  ආදිය සම­ඟත් අප සම්බ­න්ධයි. එසේම, දිව­යින පුරා සෑම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ය­කම අප ආය­ත­නය මඟින් පුහු­ණුව ලැබූ, මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් සඳහා වන ප්‍රති­කාර හා පුන­රු­ත්ථා­පන නිල­ධා­රින් සේවයේ නිර­තව සිටි­නවා. නිවා­රණ කාර්ය­භා­ර­යේ­දීත් ඒ අය විශාල වැඩ කොට­සක් කර­නවා. මවු­පි­යන්ට යම්හෙ­ය­කින් දරු­වන්ගේ චර්යාවේ වෙන­ස්කම්, මතට ඇබ්බැහි වී ඇති­දැයි සැක හිතෙන අවස්ථා ආදි­යේදී ඒ නිල­ධා­රින්ගේ සහාය ලැබිය හැකියි. මෙරට  මතට ඇබ්බැ­හි­වූ­වන් බොහෝ විට ඒ ඒ පවුල් නඩත්තු කර­න්නන් වෙනවා.  ඒ අය­ගෙන් යැපෙ­න්නන් මේ නිසා බෙහෙ­වින් පීඩා­වට පත් වෙනවා. ඉතින්, ඒ ඒ පවුල් මුල් කරන් මේ අව­දා­නම ගැන වටහා දෙමින් ඉන් ඇබ්බැ­හි­ක­රු­වන් මුද­වී­මට වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­නවා. එය ඉතා ඵල­දා­ය­කයි. ‘සතුටු තෘප්ති­මත් පවු­ලක්’ ඒ අනුව ක්‍රියා­ත්මක වැඩ­ස­ට­හ­නක්. දරු­වන් ආදී ඇබ්බැ­හි­ක­රු­වන්ගේ ආද­ර­ණී­ය­යන් හරහා ඒ පණි­වු­ඩය ගෙන යෑම පහ­සුයි.

 ඇතැම් ජන­මාධ්‍ය වාර්තා කිරීම් හර­හාත් අන­වශ්‍ය ප්‍රචා­ර­යක් ලැබෙ­න­වාද?

එහෙම අවස්ථා අපි දැකලා තියෙ­නවා. ඊට කලින් අපි නිවා­රණ වැඩ­පි­ළි­වෙ­ළට මාධ්‍ය දෙන දාය­ක­ත්වය අගය කළ යුතු වෙනවා. විශේ­ෂ­යෙන්ම 2022 වර්ෂ­යේදී පාසල් සිසුන් ඉලක්ක කර­මින් පැවැති ජාවා­රම් අඩ­පණ කිරී­මට ලද සහා­යත් සුවි­ශේ­ෂයි. නැවත මාධ්‍ය වාර්තා දෙසට හැරු­ණොත්, නිතර ඍණා­ත්මක පැත්ත මතු කර­මින් මේ විනා­ශය ඒත්තු ගැන්වී­මට කට­යුතු කර­නවා නම් සමා­ජ­යට හානි­කර දේවල් මාධ්‍ය­ව­ලින් ජන­තා­වට යන්නේ නැහැ.

 මෙරට ප්‍රති­පත්ති සම්පා­ද­න­යේදී ඔබ­ලාගේ අද­හස්, දත්ත සලකා බැලෙ­න­වාද?

ඔව්. අපි නිතර ඊට සූදා­න­මින් සිටින්නේ. පාර්ලි­මේන්තු කමිටු ආදියේ අව­ධා­න­ය­ටත් අපි අපේ වාර්ෂික වාර්තා, දත්ත ඉදි­රි­පත් කර­නවා. ඒ අනුව ඉදිරි පිය­වර ගත් අවස්ථා බොහො­ම­යක් පෙන්වා දෙන්නත් පුළු­වන්.

අපි දැන් 1927 කෙටි දුර­ක­තන සේවාව ගැන

කිය­මුද?

ඒ හරහා ගාස්තු­ව­ලින් නිද­හස්ව ජන­තා­වට මතට ඇබ්බැහි වී සිටින අයව යහ­ම­ඟට ගැනී­මට අදාළ උප­දෙස්, තොර­තුරු ලැබිය හැකියි. එසේම, මේ වන විට අප එහි සේවා පුළුල් කර තියෙ­නවා. නිවා­රණ වැඩ­ස­ට­හන් අවශ්‍ය විට ඊට අදාළ සම්බ­න්ධී­ක­රණ කට­යුතු ඉටු කර ගැනී­ම­ටත් මේ හරහා පුළු­වන්. ඉතින්, පාසල් විදු­හ­ල්ප­ති­ව­රුන්ට, ගුරු­ව­රුන්ට වැඩි­දු­ර­ටත් විමසා දැන ගත­යුතු කරුණු මේ අංකය හරහා ලැබිය හැකියි.

 අපි නැවත මුලට යමු. මත්ද්‍රව්‍ය නිසා රට විනා­ශයි.  තව­දු­ර­ටත් මේක ආර්ථි­ක­ය­ටත් මරු පහ­රක්?

සත්ත­කින්ම, ඉතා විශාල ජාතික ධන­යක් මේ නිසා වැන­සෙ­නවා. මෙරට ඉතා කුඩාම ගමක් නිද­සු­නට ගත්තොත්, ඒ ගමෙන් පම­ණක් වාර්ෂි­කව අඩුම තර­මින්,  රුපි­යල් කෝටි 6ක් මත් ද්‍රව්‍ය නිසා නැසී, වැනසී යනවා. මේ අනුව රටේ දුප්ප­ත්කම එක්ක මත්ද්‍රව්‍ය එකට බැඳී ඇති වග පැහැ­දි­ලියි. එසේම, අනී­තික, ජාවා­රම් විදි­ය­ටයි විෂ මත්ද්‍රව්‍ය පිට­ර­ටින් මෙර­ටට එන්නේ. ඒ වෙනු­වෙන් ඩොලර් පිට­ර­ටට ගෙවන්නේ. මේ අපි විදේශ විනි­මය අර්බු­ද­යක සිටින කාල­යක්. ඒ අනුව බැලු­වත් අපේ රටේ දියු­ණුව මත්ද්‍රව්‍ය වළ­ක්වන විදිය පැහැ­දි­ලියි.

 අපි දුම්වැ­ටිය ගැනත් කතා කළ යුතු­මයි?

ඔව්. දැන් ඒ ඇබ්බැ­හියේ අඩු­වක් දකින්න පුළු­වන්. ඊ සිග­රට් කියලා වසං­ග­ත­යක් දක්නට ලැබු­ණත් එයත් නීති විරෝධී දෙයක්. අවු­රුදු 21ට අඩු තැනැ­ත්තන්ට ඒවා අලෙ­විය තහ­නම්. ඒ පිළි­බ­ඳත් ප්‍රචා­රය තහ­නම්, එය එසේ තිබි­යදී විවිධ උප­ක්‍රම එම සමා­ගම් දරන බව පෙනෙ­නවා. ඒ පිළි­බඳ උගත්, බුද්ධි­මත් ජන­තාව අව­දි­යෙන් සිටිය යුතුයි. දරු­ව­න්ටත් එහි විනා­ශයේ සැබෑ තතු කියා දිය යුතුයි. ඒ සඳහා දුම්කොළ හා මධ්‍ය­සාර පිළි­බඳ ජාතික අධි­කා­රිය  (NATA) දක්වන මෙහෙ­ව­රත් ප්‍රශං­ස­නී­යයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan