(VIDEO)කැබිනට් එකේ ඉදගෙන කොහොමද රනිල් එපා කියන්නේ – ප්‍රසන්නගේ රනිල්වාදයට නාමල්ගෙන් උත්තර

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා නොමැති අතර එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

පක්ෂයක් ලෙස බිම් මට්ටමේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබෙන අතර හැම මොහොතේම ජනතාවට ලැබෙන සහන පිළිබඳ අවධානයෙන් පසුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර සන්ධාන ගත වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස කැබිනට් සාමුහිකත්වය ආරක්ෂා කළ යුතු බවත් ඔහු ඔහුගේ මතය පැහැදිලිව ප්‍රකාශ කිරීම හොඳ දෙයක් වන අතර ඊට අයිතියක්ද ඇති බවත්ය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ අද (09) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...