මිරිස්සෙහි විවෘත කරන ලද ලොව ප්‍රථම කුරුඳු කෞතුකාගාරය!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 10 ,
කොළඹ (LNW):ලොව ප්‍රථම කුරුඳු කෞතුකාගාරය පසුගියදා මිරිස්ස, හෙන්වැල්ල මිරිස්ස හිල්ස් වතුයායේ දී විවෘත කරන ලද අතර, එය කුරුඳු පිළිබඳ සිත් ඇදගන්නාසුළු ඉතිහාසය සහ නිෂ්පාදනය පිළිබඳ මනා දැක්මකින් යුක්ත විය.

මෙම කෞතුකාගාරය 2024 අප්‍රේල් මස 06 වන දින සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ මිරිස්ස හීල්ස් හි සභාපති Miles Young මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

ඊජිප්තුවේ එම්බාම් කිරීමේ චාරිත්‍රවල එහි පැරණි මූලයන් සිට ආහාර පිසීම සහ වෛද්‍ය විද්‍යාව සඳහා නවීන දින යෙදීම් දක්වා, කෞතුකාගාරය නරඹන්නන්ට කුරුඳු වල මූලාරම්භය සොයා බැලීමට අද්විතීය අවස්ථාවක් මෙහිදී සැලසේ.

කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී C. Anjelandran විසින් නිර්මාණය කරන ලද මිරිස්ස හිල්ස් වතුයායේ දර්ශනීය සුන්දරත්වය මධ්‍යයේ පිහිටා ඇති මෙම කෞතුකාගාරය අංගසම්පූර්ණ නරඹන්නන්ගේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර, කුරුඳු ලෙලි ගැසීමේ චාරිකා සහ සංදර්ශන මෙන්ම දේශීය ආහාර රස විඳීමේ අවස්ථාව ද ලබා දේ.

“කුරුඳු යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා උපයෝගී කර නොගත් සම්පතකි. බොහෝ නරඹන්නන් එය කෙබඳුදැයි දැන ගැනීමට ආශා කරන නමුත් ඒ පිළිබඳ අවබොධයක් ලබා ගැනීමට නිසි තැනක් නොමැත. සැබෑ කුරුඳු සහ දුර්වල තත්ත්වයේ ආදේශක අතර වෙනස අපි හෙළි කරන්නෙමු.”යි යන්ග් වැඩිදුරටත් පැවසීය.

ලෝකයේ එකම කුරුඳු කෞතුකාගාරය වන මෙය වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වූ කුළුබඩු සමඟ ආ ගමන් මඟෙහි සන්ධිස්ථානයක් සපයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...