පහරදීමකට විරෝධය පලකරමින් මහනුවර මහ නගර සභාව විරෝධතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):නගර සභාවේ පරිපාලන නිලධාරීයෙකු හට මධ්‍යයම වෙළෙඳ පොළ ඉදිරිපිට දී‍ අනවසර වෙළෙන්ඳෙකු විසින් පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් , මහනුවර මහ නගර සභාවේ සියලු කාර්ය මණ්ඩල නගර සභා පරිශ්‍ර ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ, මධ්‍යම වෙළෙඳපොළ භුමියට ප්‍රවේශ වන මාර්ගය අවහිර වන පරිදි දමා තිබු පලතුරු තොගයක් ඉවත් කරන ලෙස දැනුම්දීම හේතුවෙන් බව සඳහන් වේ.

පහරකෑමට ලක්වු පරිපාලන නිලධාරීවරයා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මීට සතියකට පෙර කසල බැහැර කිරිමේ නිරත වු සේවකයෙකු ද පහරකෑමකට ලක්ව රෝහල් ගත කර තිබු අතර මෙම තත්ත්වය තුළ තම ආරක්ෂාව තහවුරු කරන ලෙස විරෝධතාවයේ නිරත නගර සභා කාර්ය මණ්ඩලය බලධාරීන්ට පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...