නොකා නොබී මැරෙනවට වඩා වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා ජනතාව තීරණය කරපු දවසට පාලකයන්ට සොරි !

Date:

ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇති ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කැප වූ හැටනම ලක්ෂය නියෝජනය කරන පුද්ගලයන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බවත්, ඒ අනුව වත්මන් පාලකයන් බලයේ සිටින්නේ කිසිදු ජන බලයක් නොමැතිව බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

තවදුරටත් බලහත්කාරී ලෙස බලයේ සිටීමට උත්සාහ දරන්නේ නම් ජනතාව රටේ නීතියද නොසලකා කටයුතු කරනු ඇති බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඔහු පවසනවා. දන්න නීති සියල්ලම ක්‍රියාත්මක කර ජනතාව පාගා දැමීමට උත්සාහ කළද ජනතාව ජීවිතයට තිබෙන ආදරය අත්හළ පසු කිසිදු නීතියක් වලංගු නොවන බවත්, නොකා නොබී දුක්විඳ මියයාමට වඩා වෙඩි කා මියයාම ජයග්‍රහණයක් ලෙස ජනතාව තීරණය කරන දිනයේදී පාලකයන්ට අකුලාගෙන යාමට සිදුවන බවත් ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂ 11 කණ්ඩායම සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වර්තමානයේදී රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදය පාලකයන් විසින්ම නිර්මාණය කළ අර්බුදයක් බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ මේ වනවිට රටත් ජනතාවත් එම අර්බුදයට බිලි වී ඇති බවයි. එපමණක් නොව තමන් විසින් නිර්මාණය කළ රකුසා දැන් අර්බුදයේ නිර්මාපකයන්ද බිලි ගනිමින් සිටින බව ගම්මන්පිල මහතා පවසනවා.

තුනෙන් දෙකක බලයක් සහිතව බලයට පත් වූ වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරළ බහුතරයද අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...