ඉන්ධන මිල ගණන් වෙනස් වන ලකුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දීමට අවදානය යොමුව තිබෙන අතර , ඒ අනුව සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

◾චීනයේ සයිනොපෙක්,
◾ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම්
◾ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස්

යන සමාගම් ත්‍රිත්වය සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී තිබෙන බවත්, ඒ අනුව සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් එම සමාගම්වල නියෝජිතයින් අතර එකඟතාවන්ට පැමිණීමට නියමිත අතර ඉන් පසුව අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට නියමිත අතර එම තත්ත්වය තුළ තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම, සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවට බලශක්ති අමාත්‍යංශය පුරෝකථනය කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ , මේ වන විට ඉන්ධන ආනයනය සඳහා රජය මසකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරන අතර නව සමාගම් ත්‍රිත්වය මසකට ඩොලර් මිලියන 120 බැගින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එමඟින් ඉන්ධන ආනයනයට යන වියදම අඩුකර ගත හැකි බව එම සංස්ථාව පෙන්වාදෙන අතර , මෙම විදෙස් සමාගම් ත්‍රිත්වය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් භාණ්ඩාගාරයට පවතින වැයබර ද ක්‍රමයෙන් අඩු වනු ඇති බව සඳහන්ය.

ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අපේක්ෂාවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...