එල්පීඑල් විදෙස් ක්‍රීඩක සහ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය අප්‍රේල් 26 න් අවසන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 11, කොළඹ (LNW): ජූලි 1 වන දා ආරම්භවීමට නියමිත මෙවර එල්පීඑල් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට විදේශීය ක්‍රීඩකයින්ට සහ හිටපු ක්‍රීඩකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අවස්ථාව සැළසීමට පියවර ගෙන ඇත.සැණකෙළි ස්වරූපයක් ගන්නා මේ ආකාරයේ ක්‍රිකට් ලීග් තරගාවලි මේ වන විට බොහෝ රටවල ක්‍රිකට් ජනප්‍රිය කරවීමට මෙන්ම ආදායම වැඩි කිරීමට ද හේතු වී ඇති අතර ශ්‍රී ලංකාවේ පැවත්වෙන එල්පීඑල් තරගාවලිය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.


විදේශීය ක්‍රීඩකයින් කරගාවලියට කැප් සහ අන් කැප් ලෙස කාණ්ඩ දෙකක් අතරේ කැඳවීමට තීරණය කර ඇත.ජාතික කණ්ඩායමක් නියේජනය කර ඇති ක්‍රීඩකයො කැප් අංශයෙන් තරගාවලියට ලියාපදිංචි විය යුතුය.ජාතික කණ්ඩායම නියෝජනය නොකළත් දක්ෂතා ඇති විදේශීය ක්‍රීඩකයින්ව ලියාපදිංචියේ දී සළකා බැලෙන්නේ අන් කැප් ලෙස ය.ඒ ක්‍රිඩකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අප්‍රේල් 26 ව දා පස්වරු 12.00 ට පෙර ලියාපදිංචි විය හැකි මාර්ගයට පහත සබඳතාවයෙන් පිවිසෙන්නට හැකිය.


https://srilankacricket.lk/lpl-playerregistration-portal/
දේශීය ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රිඩකයින් සහභාගිවීම සඳහා ලියාපදිංචි විය යුතු සබඳතාවයක්ද නිකුත් කර ඇත.එයද 26 වන දා 12.00 ට පෙර සිදුවිය යුතු අතර පහතින් එම ලියාපදිංචි විය හැකි මාර්ගයට පිවිසිය හැකිය.
https://srilankacricket.lk/lpl-player-registration-portal/
මේ සමඟ තරග කාලසටහන ද දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...