එල්පීඑල් විදෙස් ක්‍රීඩක සහ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය අප්‍රේල් 26 න් අවසන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 11, කොළඹ (LNW): ජූලි 1 වන දා ආරම්භවීමට නියමිත මෙවර එල්පීඑල් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට විදේශීය ක්‍රීඩකයින්ට සහ හිටපු ක්‍රීඩකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අවස්ථාව සැළසීමට පියවර ගෙන ඇත.සැණකෙළි ස්වරූපයක් ගන්නා මේ ආකාරයේ ක්‍රිකට් ලීග් තරගාවලි මේ වන විට බොහෝ රටවල ක්‍රිකට් ජනප්‍රිය කරවීමට මෙන්ම ආදායම වැඩි කිරීමට ද හේතු වී ඇති අතර ශ්‍රී ලංකාවේ පැවත්වෙන එල්පීඑල් තරගාවලිය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.


විදේශීය ක්‍රීඩකයින් කරගාවලියට කැප් සහ අන් කැප් ලෙස කාණ්ඩ දෙකක් අතරේ කැඳවීමට තීරණය කර ඇත.ජාතික කණ්ඩායමක් නියේජනය කර ඇති ක්‍රීඩකයො කැප් අංශයෙන් තරගාවලියට ලියාපදිංචි විය යුතුය.ජාතික කණ්ඩායම නියෝජනය නොකළත් දක්ෂතා ඇති විදේශීය ක්‍රීඩකයින්ව ලියාපදිංචියේ දී සළකා බැලෙන්නේ අන් කැප් ලෙස ය.ඒ ක්‍රිඩකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අප්‍රේල් 26 ව දා පස්වරු 12.00 ට පෙර ලියාපදිංචි විය හැකි මාර්ගයට පහත සබඳතාවයෙන් පිවිසෙන්නට හැකිය.


https://srilankacricket.lk/lpl-playerregistration-portal/
දේශීය ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රිඩකයින් සහභාගිවීම සඳහා ලියාපදිංචි විය යුතු සබඳතාවයක්ද නිකුත් කර ඇත.එයද 26 වන දා 12.00 ට පෙර සිදුවිය යුතු අතර පහතින් එම ලියාපදිංචි විය හැකි මාර්ගයට පිවිසිය හැකිය.
https://srilankacricket.lk/lpl-player-registration-portal/
මේ සමඟ තරග කාලසටහන ද දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...