ලංකාවෙ ආණ්ඩුවට වඩා ඉන්දියාාවෙ ආණ්ඩුවට අපේ ජනතාවගෙ දුක තේරෙනවා – සම්බන්ධන්

ජනතා ප්‍රශ්න විසඳීමට වඩා පාලකයන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා. බලය රැක ගැනීම සඳහා අවශ්‍ය නම් ජනතාව මර්දනය කිරීමට වුවද පාලකයන් නොපසුබට වනු ඇති බවයි සම්බන්ධන් මහතා සඳහන් කරන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට පාලකයන්ට වඩා ඉන්දියාවේ පාලකයන් මෙරට ජනතාවගේ ගැටලුවලට සංවේදී වන බවයි.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට දෙමළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සතුට පළ කරන ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ තමිල්නාඩු මහ ඇමතිවරයා වෙත ලිපියක් මගින් ස්තුතිය පළ කිරීමට කටයුතු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...