සෞඛ්‍ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්‍ය බෙල්ලන (VIDEO)

Date:

අද වන විට රටේ සෞඛ්‍ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්‍ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට මතුව තිබෙන ඖෂධ හිඟය,ශල්‍ය කර්ම උපකරණ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයන්ට මෙකී වැරදි පරිපාලනය හේතුවක් වී තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු වෘත්තීය සමිතියක් නොවන බවට පරිපාලකයින් වටහා නොගත් බවත් කෙසේවෙතත් එකී වෘත්තීය සමිතියද දැන් ආණ්ඩුවට එරෙහිව පාරට බැස ඇති බවයි බෙල්ලන මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදයන් විසඳා ගැනීමට නම් එහි ප්‍රධාන වශයෙන් ඉදිරි පෙළ නිලධාරීන්ගේ වෙනසක් සිදුවිය යුතු අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට පැහැදිලි ලෙසම මෙය පාලනය කළ නොහැකි බවද බෙල්ලන් මහතා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...