ජනපති රනිල් වෙනුවෙන් ඇමති ටිරාන්ගෙන් වෙනසක්!

Date:

කොළඹ LNW:මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය අරගලය සමයේ ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න මහතා එහි දේශපාලන ලේකම් හා මාධ්‍ය ලේකම් ලෙස පත්කර සඳහන්.

නීතිඥ වජිර රණසිංහ මහතා පක්ෂයේ නීතිකටයුතු ලේකම් ලෙසත්, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන රංජිත් දසනායක මහතා ජාතික සංවිධායක ලෙසත්, සුමිත් රත්නමල්ල මහතා නියොජ්‍ය ජාතික සංවිධායක ලෙසත් පත්කර තිබේ.

එක්සත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය ටිරාන් අලස් මහතාය.

මෙලස පක්ෂය තුළ වෙනස්කම් කිරීම තීරණය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට බවයි කියවෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...