අවුරුදු ගීතයක් විකෘති කිරීම ගැන පරීක්ෂණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW):සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සිද්ධියක් සම්භන්ධවයි.

එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් බව පැවසේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...