*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ලෝරාගේ නොනවතින ලකුණු යන්තරයත් ශ්‍රී ලංකාව මුලදී පමණට වඩා හෙමින් යාමත් පරාජය හේතු වෙයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 14, කොළඹ (LNW): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 7 ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකාවට හැකි විය.කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර තරගයේ ආරම්භය දැඩි මන්දගාමී තත්ත්වයකින් ගෙවිණි.ඒ නිසා වාර්තා වූ නිලකුණු පන්දු ප්‍රමාණය වැඩි වූ අතර සමස්ත තරගයේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 229 ට සීමා වන්නට ඒ කාරණය තදින් බලපෑවේය.


චමරි අතපත්තු මුලදී මන්දගාමී වුව ද පසුව පන්දු 69 න් ලකුණු 51 ක් ලැබීය.එසේම ඊයේ තරගයට මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීය පිතිකාරිණිය වන හර්ෂිතා සමරවික්‍රම කුමන හෝ හේතුවක් නිසා කැඳවා නොතිබි අතර එයද යම් ආකාරයකින් තරගයට බලපෑම් කළේය.
චමරිගේ ලකුණු 51 හැරුණු විට පන්දු 41 න් ලකුණු 42 ක් ලබා ගත් කවීශා දිල්හාරි අර්ධ ශතකය වෙනුවෙන් සිය වේගය පාලනය කර ගනිමින් ක්‍රීඩා කරන්නට වුව ද,ඇයට හිමිවන්නම තිබූ අර්ධ ශතකයක් සහ කඩුල්ල අහිමිවීම කණගාටුදායකය.හංසිමා කරුණාරත්න ලද අවස්ථාව සමස්ත තරගයටම එල්ල වූ එකම හයේ පහර ද සමඟ ලකුණු 33 න් වර්ණවත් කළ අතර නිලක්ෂි ද සිල්වා යළිත් තමා ගැන ඇති විශ්වාසය තහවුරු කරමින් ලකුණු 36 ක් එක් කළාය.අවසාන පිතිකරු අංක අතර සිටිමින් පළපුරුද්ද භාවිතයට ගනිමින් ඕෂධී රණසිංහ ලබා ගත් ලකුණු 20 ද අතිශයින් වැදගත් විය.
මේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටින නායිකා ලෝරා වොල්වර්ඩ්ට් මේ තරගයේ දී ද ලකුණු අතර රැඳෙමින් නොදැවී ලකුණු 110 ක් රැස් කළේය.කඩුලු 3 ක් ලකුණු 86 ට අහිමිව ලෝරා වෙත පීඩනය ගොඩ නැඟෙමින් සිටියදී අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි මරිෂනේ කැප් පන්දු 84 න් නොදැවී ලකුණු 80 ක් ලබා ගනිමින් දැක් වූ දායකත්වය නිසා දකුණු අප්‍රිකාවට 48 වන ඕවරයේදී ජයග්‍රහණය කරා පිවිසෙන්නට හැකි විය.එම සබඳතාවය නොබිඳුණු ලකුණු 147 ක් විය.එසේම පන්දු ඕවර් 28.4 ක් ඔවුන් කඩුලු දැවෙන්නට නොදී ආරක්ෂා කර ගන්නට ද සමත් විය.


ශ්‍රී ලංකාව විස්සයි විස්ස පිටියෙන් එක්දින පිටියට පිවිසෙන විට දිගු ඉණිම් සහ ඊට අදාළ සබඳතා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය තුළ තව දුරටත් වර්ධනය විය යුතු අතර ශ්‍රී ලංකා ඉණිමේ අර්ධ ශතකයකට වඩා ලකුණු එකතු වූ සබඳතා ඇති වූයේ දෙකක් පමණි.දෙවන කඩුල්ලට චමරි අතපත්තු සහ හසිනි පෙරේරා අතර ලකුණු 58 ක සබඳතාවක්ඇති විය.නැවත හංසිමා කරුණාරත්න සහ කවීශා දිල්හාරි අතර හතරවන කඩුල්ලට ඇති වූ සබඳතාවය ලකුණු 61 ක් විය.මෙවැනි සබඳතාවයන් දියුණු කර ගැනීමට සිය ශක්‍යතාවයන් වැඩි දියුණු කර ගැනීමට ක්‍රීඩිකාවන් ඉදිරි තරගයේදී දක්වන හැකියාව තරගාවලියේ එක්දින සූරියන් කවුරුන්ද යන්න තීරණය කිරීමට බලපානු ඇත.විශේෂයෙන්ම නිලකුණු පන්දු අඩු කර ගනිමින් පන්දු ඕවර් 50 තුළ සියල්ලන්ම නොදැවී සිටින්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවධානය යොමු කළ යුතුව ඇත.


තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/sri-lanka-women-in-south-africa-2023-24-1398245/south-africa-women-vs-sri-lanka-women-2nd-odi-1398266/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan