*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ප්‍රචණ්ඩත්වයට කලාවෙන් උත්තර දෙන සල්මන් රුෂ්ඩි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2022 අගෝස්තු 12 වන දින නිව් යෝර්ක් ප්‍රාන්තයේ Chautauqua ආයතනයේ දේශනයක් පැවැත්වීමට සූදානම්ව සිටියදී පිහි අනුමකට ලක් වූ බුකර් සම්මානලාභී නවකතා රචක සල්මන් රුෂ්ඩි පසුගියදා පැවති ඇමරිකානු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ, අධ්‍යාත්මික විශ්වාසයක් නොමැතිකම තිබියදීත්, වසර දෙකකට පෙර ම්ලේච්ඡ පිහි ප්‍රහාරයකින් පසු ඔහු දිවි ගලවා ගැනීම ආශ්චර්යයක් වන බවයි.

මෙම ප්‍රහාරය එල්ල වූයේ මුස්ලිම් ආගමට අපහාසයක් ලෙස සැලකෙන The Satanic Verses ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරානයේ එවකට නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි විසින් රුෂ්ඩිගේ මරණය ඉල්ලා ෆට්වා එකක් නිකුත් කිරීමෙන් වසර 33කට පසුවය.

ප්‍රහාරකයා යැයි කියනු ලබන Hadi Matar,යන පුද්ගලයා ප්‍රහාරය එල්ල වූ වහාම ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නොමැතිව රඳවා තබා ඇති අතර ඔහු රුෂ්ඩි හට දස වතාවක් පිහියෙන් ඇන ඇති අතර ඉන් රුෂ්ඩිගේ අතක චලනය සහ ඔහුගේ දකුණු ඇස නොපෙනෙන බව වාර්තා වේ.

රුෂ්ඩ් අනතුරෙන් පසු දින 18 ක් රෝහලේ ගතකළ කාලය සහ සති තුනක පුනරුත්ථාපනය ඇතුළු කම්පන සහගත ප්‍රතිඵල දෙස ද බලමින් සිය නව මතක සටහන ලියා ඇති අතර ඔවු එය නම්කර තිබුණේ, මිනීමැරීමට තැත් කිරීමෙන් පසු භාවනාව යන උපසිරැසය යටතේය. ඒ අනුව, Penguin Random House විසින් ප්‍රකාශයට පත් කරන ලද පිටු 224 ක් දක්වා දිවෙන Knife ලබන වසරේ අප්‍රේල් 16 වනදා ප්‍රකාශයට පත් කරනු ඇත.

රුෂ්ඩ් මෙය හඳුන්වා දී තිබුණේ, මෙය මට ලිවීමට අත්‍යවශ්‍ය පොතක් මෙන්ම ප්‍රචණ්ඩත්වයට කලාවෙන් උත්තර දීමක් වශයෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan