මුහුදෙන් ආ මිලියන ගාණක මත්ද්‍රව්‍ය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW):දකුණු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන්දහස් හත්සිය අනූඅටක් බව තහවුරු වී ඇත.

මත්කුඩු තොගය සමඟ බහුදින යාත්‍රාවක් හා සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැණුනේ, දෙවුන්දරතුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි .

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා සිදුකළ මෙමෙම මෙහෙයුමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 ග්‍රෑම් 906ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83 ග්‍රෑම් 582ක් සොයා ගැණින.

බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ද මත්කුඩු සමග අත්අඩංගුවට ගැණුනු අතර මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරුකර ගැනීමට පැමිණි තවත් එක්දින යාත්‍රාවක් හා සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි .

ගාල්ල වරායට රැගෙන ආ මෙම මත්කුඩු තොගය නිරීක්ෂණයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද එක්ව සිට ඇත.

සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමටයි කටයුතු කෙරුණි .

නාවික හමුදාව මෙම වසරේ ගෙවීගිය මාස කීපයේ සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 9,300කට අධික දළ වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...