හොරු අල්ලනවා කියල බයිස්කෝප් නම් එපා.විශේෂ අධිකරණයක් හරි ගේන්න!

Date:

කොළඹ LNW: විශේෂ අධිකරණයක් පත්කර පැය 24ම හෝ නඩු අසා වැරදි කර තිබෙන අයට දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා රජයෙන් ඉල්ලාසිටියි.

එම නඩු සාමාන්‍ය අධිකරණයක විමසීමට යාමෙන් ප්‍රමාද සිදුවිය හැකි හෙයින් වසර පහ පුරාවටම නඩු නොඅසා විශේෂ අධිකරණයක දිනපතා හෝ නඩු විභාග කර ඒවාට අදාළව නිසි තීන්දු ලබා දීමට කටයුතු කරන ලෙසයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

නැත්නම් සිදුවන්නේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ටික කාලයකට බන්ධනාගාරගත වී ඇප ලබාගන්නා බව යැයි ද මන්ත්‍රීවරයා පවසයි.

ඒ නිසා බයිස්කෝප් පෙන්වීමෙන් වළකින ලෙසයි මනෝ ගනේෂන් මහතා තවදුරටත් කියාසිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...