2025 සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී සුවිශේෂි රන් ජයග්‍රහණ දෙකක්!

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 14 කොළඹ LNW :

එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩිම්න්ටින් සූරතාවලියේදී අවුරුදු 50 න් ඉහළ කාන්තා කේවල රන් පදක්කම දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා එම තරගාවලියේ වයස අවුරුදු 45 ට ඉහළ මිශ්‍ර යුගල රන් පදක්කමද දිනා ගන්නට සමත් වුණා.මිශ්‍ර යුගල තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය සමඟ එක් වුණේ ඩෙන්මාර්කයේ සුප්‍රකට ජ්‍යෙෂ්ඨ බැඩිමින්ටන් ක්‍රීඩකයෙකු වූ මෝර්ටන් රස්මුසන් වන අතර චන්ද්‍රිකා සහ රස්මුසන් එක්ව අවසාන තරගයේදී එංගලන්තයේ ජිනේෂ් ශා සහ ක්ලෙයාර් රෝයල් ලකුණු 23 – 21 සහ 21 – 16 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.
පහත දැක්වෙන්නේ එම ජයග්‍රහණ ද්විත්වයෙන් ඉනික්බිති රේණු චන්ද්‍රික සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ කරන ලද කරුණු දැක්වීමයි.

2025 සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ දී රන් පදක්කම් දෙකක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමට හැකිවීම සම්බන්ධයෙන් මම අතිශයින් සතුටට පත්වෙමි. මගේ බැඩිමින්ටන් ජීවිතයේ එම අසාමාන්‍ය ජයග්‍රහණය සුවිශේෂී සංධිස්ථානයක් වන අතර ඒ සම්බන්ධයෙන් සතුටට පත්වන අතරේ උපකාරී වූ සියල්ලන්ට කෘතවේදීත්වයද පුද කරමි.
🎖 45 ට වැඩි මිශ්‍ර යුගල ශූරිය (ඩෙන්මාර්කයේ කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන මෝර්ටන් රස්මුසන්ගේ හවුල්කාරීත්වය සමඟ)
🎖 50 ට වැඩි කාන්තා කේවල ශූරිය
2023 දී, මම අවුරුදු 45 ට වැඩි ඒකල සහ මිශ්‍ර යුගල ඉසව්වල රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, කාන්තා යුගල ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙම අමතක නොවන ජයග්‍රහණය සමස්ත එංගලන්ත තරඟාවලියේ මගේ දෙවන ජයග්‍රහණය සනිටුහන් කරන අතර එය එක්තරා අන්දමක ඇදිහය නොහැකි ජයග්‍රහණයකි. මෝර්ටන් සමඟ ඇති කර ගත්, නොනවතින හවුල්කාරිත්වයෙන් ශක්තිමත් වූ ජයග්‍රහණයත් සමඟ මේ වසරේ රන් පදක්කම් දෙකක් සමඟ නැවත ජයග්‍රහණ අතරට පැමිණීම යාථාර්තයක් කර ගැනීමට හැකිවීම යම් අසාමාන්‍ය සතුටක් උපදවන තත්ත්වයකි.
වයස යනු අංකයක් පමණක් බව සටහන් කළ මේ ජයග්‍රහණයන් ශක්තිමත්ව ගොඬ නැඟීමට, බැඩ්මින්ටන් කෙරෙහි වූ නොසිඳෙන කැමත්ත සහ නොපසුබස්නා උත්සාහය මා සතු විය.ඒ ඔස්සේ මගේ ජයග්‍රාහී ගමන වෙනුවෙන් මා සමඟ සිටි සුවිශේෂී මිත්‍රශීලී ආධාර කණ්ඩායම, නොසැලී ලබා දුන් සහය සහ එම ජයග්‍රාහී ශක්තියට ආලෝකයක් වූ දිරිගැන්වීමට ද මෙම අවස්ථාවේදී මගේ හෘදයාංගම කෘතඥතාව පළ කළ යුතුමය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර...

යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...

Steve Witkoff ලබන සතියේ රුසියාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...