කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන 18ක තැපැල් ජන්දය ගැන කොමිසමෙන් නිවේදනයක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එම පළාත් පාලන ආයතනවල එළඹෙන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් බවයි.

ඒ අනුව මේ වන විට ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමට කටයුතු සිදු කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කෙසේවෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇති අතර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට දින නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...

ලලිත්-කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 27 දිනට නියම කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...