කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන 18ක තැපැල් ජන්දය ගැන කොමිසමෙන් නිවේදනයක්!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එම පළාත් පාලන ආයතනවල එළඹෙන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් බවයි.

ඒ අනුව මේ වන විට ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමට කටයුතු සිදු කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කෙසේවෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇති අතර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට දින නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...