කීර්ති නාමයට අපහාස කළැයි ගරු නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් පොලීසියට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අමාත්‍යවරයාගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කරන ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ගරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පරණ අවුරුදු දවසේදී (13) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

චතුරංග අබේසිංහ යනු ආණ්ඩු බලය දරණ ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ මාස හතක කාලය තුළ එම පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක්ම තම තමන්ට සිදුවූ අපහාස සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනු දැකගත හැකිවිය. පොලීසිය භාර මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනවි, මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි, මන්ත්‍රී විජයසිරි බස්නායක, මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් යනාදීන් ඒ අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...