බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව පොලිසිය නඩුමඟට!

0
135

රෂිකා හෙන්නායක

පසුගිය දින 2 තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ග වල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බව ඔහු පෙන්වා දුන් අතර, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් ඉල්ලීමක්ද කලේය.