අමාත්‍ය විදුර සහ මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි.

මෙහිදී අවධානය යොමුව ඇත්තේ , දෙරට අතර පවතින සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර දැනට පවතින සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් පිළිබඳවයි.

ඒ අනුව දෙරට අතර සංස්කෘතික සංචාර හා සංචාරකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම, දෙරට අතර පුරාවිද්‍යාව පිළිබඳව ගවේෂණය කිරීමට ගිවිසුමක් අත්සන් කිරීම, පාකිස්ථානයෙන් සොයාගත් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා පකිස්ථාන සංස්කෘතික මධ්‍යස්ථානයක් පකිස්ථානයේ ඉදිකිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව සඳහන් වේ.

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...