ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතර පහකට සීමා වුණාට රටම ගෝල්ෆේස් පිටියක් වී හමාරයි – අරගලයේ නීතිඥයෝ (VIDEO)

Date:

ගෝල්ෆේස් පිටිය ලක්ෂ හතරකට පහකට සීමා වූවාට විවිධාකාරයෙන් අද රටම ගෝල්ෆේස් පිටියක් වී හමාර බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (17) ”අරගලයේ නීතිඥයෝ ” නමින් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

අද ගමක් නගරයක් පාසා ”ගෝ ගෝඨා ගම” නිර්මාණය වීමට පටන් ගෙන ඇති බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.

හෙටින් එළඹෙන සතිය ඉතා තීරණාත්මක සතියක් වන බවත් දැඩි දේශපාලන තීන්දුවලට,පරිවර්තනයන්ට යොමුවන සතියක් වන හෙයින් විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයටකට මේ මොහොතේ නිහඬ වීමට හැකියාවක් නැති බව ද ඔහු අවධාරණය කරන ලදී.

”මේ අරගලය රටේ ජනතාවගේ අරගලයක්.කුස්සියේ අරගලයක්.ගෙදර අරගලයක්.තරුණයාගේ අරගලයක්.රැකියා ස්ථානයේ අරගලයක්.මේ අරගලය මහ පාරේ අරගලයක්. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ අරගලයක් බවට මේ අරගලය තුළ දේශපාලන පක්ෂ වලට අපි කියන්නේ නැහැ ගොල්ෆේස් එන්න කියල. ගෝල්ෆේස් එන්න එපා. හැබැයි එතනින් එළියේ ඔයාලට කරන්න වැඩක් තියෙනවා. දේශපාලන පක්ෂ හැටියට ඔයාලා ඒ වැඩේ පටන් ගත්තේ නැත්නම් මතක තියා ගන්න ඉතිහාසයේ කුණු බක්කියට ඒ දේශපාලන පක්ෂ විසි වෙනවා නියතයි. යම් කිසි වෘත්තීය සමිතියක් මේ මොහොතේ තමන්ගේ කාර්යභාරය නිසියාකාරයෙන් අවබෝධකරගෙන මේ අරගලයට දායකත්වය දක්වල තමන්ගේ කටයුත්ත සිද්ධ කළේ නැත්නම් මතක තියා ගන්න ඔබේ සාමාජිකත්වය වෙනත් වෘත්තීය සමිතියක් එක්ක එකතුවෙලා මේ අරගලය වෙනුවෙන් පාරට බහිනවා ඒක නිශ්චිතයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම අරගලය තුල මානව හිමිකම් කඩකර එහි සිටින තරුණයින්ට හිංසා පීඩා කර මානව හිමිකම් නඩු දාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කවදාවත් ඇමරිකාවට යා නොහැකි අතර ලංකාවේද සිටිය නොහැකි බව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...