පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුවක් ඊයේ (16) මැලේසියාවේදී සිදු වුණා.

උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගය යනාදී ප්‍රධාන ව්‍යාපෘතීන් සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කලාපීය ආර්ථික ඒකීයකරණයට අවධානය යොමු කරමින් ඉදිරියටත් චීනය සමග කටයුතු කරන බවයි මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා එහිදී පවසා ඇත්තේ. එමෙන්ම චීන-මැලේසියා දෙපාර්ශ්වයේ ඉදිරි සහයෝගීතා පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...